ජනතා පරමාධිපත්‍ය බලය ඉන්දියාවට පාවා නොදෙන්නැයි මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්.

10 views
0

ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු සමාගමක් මැදිහත්කරගැනීමේ ගැටලුව සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත කෙරෙන ඉල්ලිමක් සම්බන්ධ ලිපියක්, ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ විසින් අද දින ඒ හා සම්බන්ධ මන්ත්‍රීවරුන්ට යොමු කරනු ලැබුවා. 

එහි ප්‍රධාන වශයෙන් සඳහන් වූයේ ජනාධිපති අනුර දිසානායක විසින් ඉන්දීය සංචාරය අතරතුරදී ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ අයිතිය ඉන්දියානු සමාගමකට පවරා දීම, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය කිරීමක් මෙන් ම ජාතික ආරක්ෂාවට සහ රටේ ස්වාධීනත්වය දැඩි අවදානමක හෙලීමක් බවයි. 

අතිශය පෞද්ගලික පුරවැසියන්ගේ දත්ත එකි සමාගම් සතුවීමෙන් පැණනැගිය හැකි ගැටලු සහ එමගින් පුද්ගලයන්ට ඇතිවිය හැකි ප්‍රශ්න පිළිබඳව ද පැහැදිලි විග්‍රහයක් මෙම ලිපියෙහි අන්තර්ගත ව තිබූ  අතර අවසාන වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියේ මෙකී අවදානමෙන් තොරව නව තාක්ෂණික සංවර්ධනයන්ගේ ප්‍රතිලාභයන් භාවිතයෙන් ජනතාවගේ ආරක්ෂාව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරිමට හැකි සෑම පියවරක් ම ගත යුතු බවයි. 

Your email address will not be published. Required fields are marked *