ශ්‍රී ලාංකික දේශපාලනය ජාතික වශයෙන් වගේ ම ජාත්‍යන්තර වශයෙනුත් අවමානයට ලක්වී අසාර්ථක රාජ්‍යක් බවට පත්වී අවසානයි. නමුත් අතීතයේ සිදුවූ යම් යම් සිද්ධීන් එක්ක මහජනතාව තේරුම් ගනිමින් ඉන්නව මේ සියල්ල වෙනස් කිරීමේ බලය තමන් සතුබව. ඊට ආසන්නතම සිද්ධිය 2022 මන්දිර දෙදරවා රජුන් පලවා හැරී ගෝල්ෆේස් අරගලයයයි. ගෝඨාභය පිටුපස සැගවුණු මජර රාජපක්ෂ පාලනය, පීඩනය වගේ ම දූෂණ අකටයුතුකම් දරාගත නොහැකිම වුණු තැන තම බලය ශක්තිය ජනතාව අඳුරගන්නව. ඒ ශක්තිය ඔවුන් පාරට ගේනවා මහජන නැගිටීමක ස්වරූපයෙන්. රටක් වගේ ම ලෝකයක් ඇස් ඇරලා මෙ පුංචි දිවයිනේ නැඟෙන පොඩි පොඩි ගිනි පළිඟු දිහා බලන්ට ගන්නව වගේ ම වැරදිකාරයෝ දුවන්ට ගන්නව. ඔන්න ඔය මොහොතෙ තමයි අපේ මෙතෙක් අසාර්ථක බව තහවුරුකළ කතානායකයා කරලියට එන්නෙ. වැටුණු රටක එක ම ගැලවුම්කරු විදියට. ඉතිං ණයබර කියන කඳු හෙලක බැදපු වැල් පාලමෙන් ලංකාව කියන දරුවා එතෙර කරන්ට එයා ලස්සන කතාන්දරයක් ගොඩනගාගන්නව.
කවුද මේ රනිල්? ඇත්තට ම ඔහු රටේ ගැලවුම්කාරයා ද?
රනිල් වික්‍රමසිංහ යනු සරලව ම කපටි ශ්‍රී ලංකික දේශපාලනඥයෙක්. ශ්‍රී ලංකාවෙහි හිටපු ජනාධිපතිවරයෙක් වගේම ඔහු ආරක්ෂක අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, තාක්ෂණ අමාත්‍යංශය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශයන්හි හිටපු අමාත්‍යවරයෙක්. ඔහු 1994 සිට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය දැරූ පුද්ගලයා ඒ වගේ ම 1993 සිට 1994 දක්වා, 2001 සිට 2004 දක්වා, 2015 සිට 2018 දක්වා, 2018 සිට 2019 දක්වා සහ 2022 දී ආණ්ඩු හයකට නායකත්වය දෙමින් වෙනම කාල පහකදී ශ්‍රී ලංකාවේ අගමැති ලෙස කටයුතු කර තිබෙන ජීවිතයේ වැඩි කාලපරාසයක් දේශපාලනය සඳහාම කැපකළ පුද්ගලයෙක්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ 1994 සිට 2001 දක්වා සහ 2004 සිට 2015 දක්වා විපක්‍ෂ නායක ලෙසද කටයුතු කරමින් දේශපාලන වගකීම් දරපු පුද්ගලයෙක්. ඉතිං ජීවිතයේ සැදෑ සමය පවා ඔහු කැපකරන්නට සූදානම් වෙන්නෙ නැවත තනතුරු දරමින් රට සහ රටේ ජනතාව වෙනුවෙන් ඉශ්ට කිරීමට නොහැකිවුණු වගකීම් ඉශ්ට කරන්නට. වික්‍රමසිංහ අනුගාමිකයන් වගේ ම රටක් බලාගෙන හිටියා අරගලයෙන් පසු මහජන මතයෙන් ෆේල් වුනත් දේශපාලනයෙන් පාස් රනිල් රට වෙනස් කරන හැටි. මොකද රටේ ව්‍යවස්ථාවෙහි බලය මෙන්ම ඉන් රිංගිය හැකි තැන් අන් කවරෙකුටත් වඩා හොඳින් අවබෝධ කරගත් අත්දැකීම් වැඩිම දේශපාලඥයා නැත්නම් “මාස්ටර් මයින්ඩ්” එකක් විදිහටයි රනිල් වික්‍රමසිංහ ප්‍රසිද්ධ.
පසුගිය ඔක්තෝබර් 31 පැවති ජන හමුවකදී රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශයක් සම්බන්ධව කතාවක් කරනව. ඒ කතාවේ කොටසක් කරුණු දැක්වීමක් බවත් තවත් කොටසක් පම්පෝරියක් බවත් සහ තව කොටසක් යෝජනාවක ස්වරූපයක්ගත් තර්ජනයක් මෙන් ම අභියෝගයක් බවත් දේශපාලනිකව සවන්දෙන්නෙකුට තේරුම්ගැනීම ඒහැටි අමාරු වෙන්නෙ නැ. “මම තමා පුලුවන් එක ම කෙනා.මම තනියෙන් මේ රට බාරගත්තෙ, ඊටපස්සෙ මට කට්ටිය එකතුවුණා. මම තරම් කාටවත් අත්දැකීම් නැ. ඉතිං එයාලා කොහොම කරයි ද? මේ රටේ දැං ඇතිවෙන අර්බුදවලට මට කරන්න දෙයක් නෑ ඒව මම කරපුවාගේ ප්‍රතිඵල නෙවේ හැබැයි සිද්ධවෙන යම් යම් සුබදායි දේවල්වලට හේතුව මම, ඕවට අනුර නම දාගන්න උත්සහ කරාට ඕව මට පිංසිද්ධ වෙන්න ලැබුන ඒවා. අපි නැතුව මෙයාලා කරන හැටි බලමු. හරිනිලා අනුරලා ව්‍යවස්ථාව දන්නෑ මම තරං” සාරාංශය එපමණයි.
නමුත් මේ උපහාසාත්මක කතාව තුළ එක් තත්පර කීපයක ඔහු මහජන බලය අභියෝගයට ලක් කරනවා.
“පාර්ලිමේන්තුව එහෙමත් සුද්ද කරන්න පුළුවන් ද? ඇයි එයාලා අබාන්ස් එකෙන් ද? එහෙම අපිව එලවන්නෙ කොහොම ද? මහජන මතය අනුව ජනතාවට වෙනසක් ඕන වෙලා අනුර ජනාධිපති වුණාට රටේ ජනතාවගෙන් 58%ක් ඔය කියන පාර්ලිමේන්තුව ගැන විශ්වාසය තියලා කීවා පාර්ලිමේන්තුව දූෂිත නැහැ කියල”.
මොකද්ද රනිල් ඇත්තට ම මේ පුන පුනා කියන්නට උත්සහ කරන්නෙ. තමන් සහ තමන් නියෝජනය කරන පිරිස නිර්දෝශී දේශපාලඥයන් කියනෙක ද එහෙම නැත්නම් මහජන මතය අදාළ නැහැ කියනෙක ද. එහෙමත් නැත්නම් වෙර යොදා බුරන්නට ජරාජීර්ණ වූ දේශපාලන සුනකයින් කිහිපදෙනෙකු පිටුපසින් ඉදල සහය දෙනවයි කියනෙක ද? රනිල්ගේ රූපයෙන් මේ නැවත කරලියට එන්නෙ රාජපක්ෂ බලපෑම්ද කියන ගැටලුවත් ඇති නොවෙනවාම නොවේ.
මේ විනාඩි ගණනක කතාව ආරම්භයේ සිට අවසානය තෙක් අවබෝධයෙන් අසන්නෙකුට අනිවාර්‍යයෙන් ම වැටහෙන කරුණක් තමයි නැවත නැවත මේ උත්සහ කරන්නෙ ඇස්වලට වැලිගසා රැවටීමට බව. රනිල් හෝ වේවා ඔහු පිටුපසින් සිටින රාජපක්ෂ කල්ලිය හෝ වේවා වෙනත් කුමන සංස්ථාපිත දේශපාලන පාලන පක්ෂයක් වේවා මේ හඬනගන්නෙ දුප්පතුන්ගේ බඩගින්න නිසාවත් දුක නිසාවත් නොවෙන බව අපි අමු අමුවෙම තේරුම්ගන්නට ඕන. හුදෙක් ඔවුන්ට අහිමිව යන වරප්‍රසාද, බලය, ධනය සුවපහසු ජීවිතය සහ පාලනය වෙනුවෙන් සහ ඔවුන්ගේ හිත් තුළ ගොඩනැගෙන භීතිය නිසාවෙන් කිසිදු හිරිකිතයකින් තොරව ජනතාවගේ ඔලුගෙඩි පාගා පොඩිකර දැමීමට මේ කල්ලිය දෙවරක් නොසිතන බව ද ඉදුරාම සිහි තබා ගත යුතුමයි. ජනතාව විසින් ප්‍රතික්ෂේප කර යන එනමං නැති වුණු දේශපාලන කල්ලි ඔවුන්ගේ ගැලවිජ්ජාව වෙනුවෙන් හොර රහසේම රනිල් හිස උඩ තබාගෙන වඩම්මන බව අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ. එය එසේ වෙන්නේ රනිල් කොයි ම මොහොතක හෝ ඔවුන්ගෙන් ගිලිහී යන මේ බලය වෙනුවෙන් හඬ නගන බව උන් විශ්වාස කරන නිසාවෙන්. ඒ බලය තමා රනිල්ගේ කටින් වේදිකාවල් මතදී පිටතට පනින්නේ. ජනතාවට පුලුවන් ද එහෙම කරන්න? දේශපාලකයෝ එලවන්න? පාර්ලිමේන්තුව සුද්ද කරන්න? ඔව් මොකද බැරි ජනතාවට පුලුවන් ඒ හැමෝටම ගෙදර යන පාර පෙන්නන්ට. උගත් පාඩම්වලින් හෝ ඇසූ , කියවු හෝ දුටු දැනුමින් මෙකී මජර දේශපාලනයේ නිරුවත දකින්න මීට වඩා සුදුසු කාලයක් නැවත එන්නෙ නැ. මේ තමා හොඳ ම වෙලාව හොඳ ම කාලය. වහල් මානසිකත්වය වෙනුවට ජනතාව තමන් සතු බලය හඳුනාගත යුතු ම කාලය මේක. ව්‍යවස්ථාවෙහි බල ප්‍රකාරව නැසීයාම වෙනුවට සංවිධානය වී නැගිසිටීමේ අරුමය විඳින්නට සැරසිය යුතු කාලය මේක. රනිල් ද අනුර ද මහින්ද ද කොටින් ම ජේ. ආර් මරණින් ඉපදුනත් සංවිධානාත්මක සැබෑ ජනතා නැගීසිටීමක් හමුවේ ඔවුන් දණගසන බව ස්ථිරයි. ලංකාවේ දේශපාලන වෙනසක් සිදුකිරීම අනුලංඝනීය අවශ්‍යතාවයක් – එහෙත් එය ජනතාව විසින්, ජනතාව සදහාම පමණක් සටන් කර දිනාගත යුතුයි.
-දීප්ති-