ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.

ලං.වි.ම විසින් මඟහරින මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ.

23 views
0

විදුලිබිල සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම් සිදුවන කාලවකවානුවක ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමත කරන නිර්දේශ ක්‍රියාත්මක කිරීම අතපසු කිරීම් සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් ” විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය” අද මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණා. එහිදී විදුලිබිල 20% ආසන්න අගයකින් අඩු කළ හැකි බවට උපයෝගිතා කොමිසම ලබාදුන් නිර්දේශය සහ තවත් නිර්දේශ කිහිපයක් පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු ඉදිර්පත් කිරීමක් එම සංගමයේ ලේකම් සංජීව ධම්මික විසින් සිදුකළා. එසේ ම විදුලිබල මණ්ඩලය මෙලෙස මහජන උපයෝගිතා කොමිසමෙහි බලපෑම කිසිදු අයුරකින් සලකා නොබලන්නේ කිනම් පාර්ශවයකගේ බලපෑම මතද යන්නත් ඔවුන් ප්‍රශ්නකළා.අවසාන වශයෙන් ජනාධිපතිතුමන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියේ විදුලිබල මණ්ඩලයේ සභාපති සහ උප සභාපති වැනි අන්තනෝමතිකව හැසිරෙන නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීමට යෝජනා කල යුතු බවයි.

Your email address will not be published. Required fields are marked *