උතුරු නැගෙනහිර ජනතාව මාලිමාවට චන්දය නොදුන්නේ ඇයි?

උතුරු නැගෙනහිර ජනතාව මාලිමාවට චන්දය නොදුන්නේ ඇයි?

144 views
0

නීත්ඥ ශ්‍රීනාත් පෙරේරා උතුරු දකුන සහෝදරත්වය ~

ජනතා විමුක්ති පෙරමුණ තමයි 2005දී මහින්ද රාජපක්ෂ බලයට පත් කරලා එල් ටී ටී සංවිධානයට බර අවි වලින් ගහල යුද්ධය ඉවර කරන්න ඕන කියල කතා කලේ. එතකොට ඇත්තටම බර අවි වලින් ගැහුවේ එල් ටී ටී සංවිධානය නෙවෙයි නේ. එල් ටී ටී සංවිධානයටත් ගහන්න ඇති නමුත් ඒ ගැහුවේ දෙමල ජනතාවට. දෙමල ජනතාව එක දන්නවා. ඒවගේම අනුර කුමාර දිසානායක මහත්මයා පසු අවස්ථාවක කියල තිබුනා එසේ මහින්ද රාජපක්ෂ යුද්ධයට කැඳවාගෙන ගිය එක ගැන ඔවුන් කනගාටු වෙන්නේ නැහැයි කියල. එකියන්නේ ඇත්තටම ජේ වී පී, එකියන්නේ අනුර කුමාර දිසානායකලා යුධවාදී පක්ෂයක් සහ පුද්ගලයෝ.

මහා චන්දයට මාස දෙකකට ආසන්න කාලයක් තියෙනවා එතකොට එකාලය තුලදී ආණ්ඩුව මොනවද එ සම්බන්ධයෙන් මොනවද කරන්නේ? මේ කාලය ඇතුලත මහාලොකු දේවල් කරන්න බැරිවෙයි, ඒ ත් අඩුවශයෙන් ආරම්භක පියවර කීපයක් ගන්න පුළුවන්, දෙමල ජනතාවට අදාළ ප්‍රශ්න ගැන පසුගිය කාලය තුල ආණ්ඩු විසින් කරන ලද බොරුව එළිදරව් කරලා දෙන්න පුළුවන්. විශේෂයෙන් ඒගොල්ලන්ට පුළුවන් පවරාගත් ඉඩම් නැවත දීම වෙනුවෙන් යම් ක්‍රියාවක් ආරම්භ කරන්න. එකපාරට දෙන්නත් බැරි වේවි නමුත් එසන්දහා ක්‍රියාමාර් ග ගන්න. අතුරුදහන් කිරීම දැනට අරගෙන තියෙන වැඩකටයුතු ගැන හොයා බලලා ඒවායේ අඩුපාඩු බලලා ඉදිරි පියවර ගන්න යොමු වෙන්න පුළුවන්.

Your email address will not be published. Required fields are marked *