අරගලයෙන් දේශපාලන ක්‍රමය වෙනස් වුණේ නැහැ. – තුසිත පෙරේරා-

අරගලයෙන් දේශපාලන ක්‍රමය වෙනස් වුණේ නැහැ. – තුසිත පෙරේරා-

25 views
0

තම ප්‍රතිපත්ති වෙනුවෙන් කෙනෙක්ට පුළුවන් නම් තමන්ගේ දේශපාලනික පරපුර සහ නාමය අතහරින්න, ඇත්තට ම ඒක වෙනසක්. ජනතාව රැවටීම වෙනුවට ජනතාව වෙනුවෙන් පෙනීසිටීම තම ප්‍රතිපත්තිය යැයි කියන පක්ෂයක ඡන්ද අපේක්ෂකයෙකු වන තුසිත පෙරේරා සමඟ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ පැවති සාකච්ඡාවකදී ඔහුගේ සහ ඔහු නියෝජනය කරණු ලබන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙහි මහමැතිවරණ සූදානම මෙන් ම අරමුණ සහ ප්‍රතිපත්තීන් පිළිබඳව ද දීර්ඝවශයෙන් කරුණු සාකච්ඡා කෙරුනා. 

සමාජයේ මේවන විට බලපැවැත්වෙන දේශපාලන තත්ත්වය සලකාබැලීමේදී ඇතිවූ කණගාටුව හේතුවෙන් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඬ පක්ෂය සමඟ එක්වීමට තීරණය කළ බවත් දේශපාලන සාක්ෂරතාවය අඩු මහජනතාවත් සංස්කෘතිය , ආකල්ප සහ ක්‍රම වෙනසක් තමන් අපේක්ෂා කරන බවත් ඔහු පැවසුවා. එසේ ම මෑත ඉතිහාසයේ සිදුවූ ජනතා අරගලය දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට අපොහොසත් වූ බවත් එයින් සිදුවූයේ දේශපාලන කණ්ඩායම් අතර බලය හුවමාරුවෙහි වෙනසක් පමණක් බවත් ප්‍රකාශකළ තුසිත පෙරේරා තවදුරටත් සඳහන් කළේ අරගලය එක් දේශපාලන පක්ෂයක මැදිහත්වීමෙන් සිදුවූවක් නොව එකල බලයේ සිටි ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ දේශපාලන පක්ෂය හැර අන් සියලු කණ්ඩායම්වල එකතුවෙන් සිදුවූවක් බවයි.

වත්මන් ආණ්ඩුව පිළිබඳ අදහස් පළකළ ඔහු සඳහන් කළේ , IMF ගිවිසුම පිළිබඳ කරුණු දක්වමින්, මන්ත්‍රී වරප්‍රසාද අහිමි කරනබවට කරුණු දක්වමින් සහ හොරුන් අල්ලනබවටත් වංචා දූෂණ පිලිබඳ වාර්තා පිටකරන බවටත් කරුණු ඉදිරිපත්කරමින් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතාවගේ ඡන්ද මංකොල්ලකෑමක නිරත වූ බවයි. අනුර පමණක් නොව බලය ලබාගැනීමට මේවනතෙක් සියලු දේශපාලනික පක්ෂ මහජනතාව රැවැට්ටූ බව පවසමින්  තුසිත පෙරේරා තවදුරටත් අදහස් පළකළේ තම පක්ෂයේ නායක රන්ජන් රාමනායක සහ සියලු සාමාජිකයන් මෙකී රැවටීම්වලින් තොරව සත්‍ය වෙනුවෙන් පෙනීසිටින පිරිසක් බවයි. එසේම දැනට ප්‍රධාන පෙළෙහි යැයි සලකන පක්ෂ අනෙක් අපේක්ෂකයින්ට නැගී සිටීමට ඇති ඉඩකඩට හැකි සෑම ඇයුරින් ම බාධා ඇතිකරන බවත් ජනතාවගේ හඬ නියෝජනය කරන එන්. එම්. පෙරේරා පරපුරේ තුන්වන පුරුකක්වන තමන් ඊට කිසිසේත් ම බියක් හෝ පසුබෑමක් ඇතිකර නොගන්නා බවත් ඔහු ප්‍රකාශ කළා. 

Your email address will not be published. Required fields are marked *