හැන්ද අතේ ඇති අය – වන්දි ගත්තේ මෙහෙම ද?

හැන්ද අතේ ඇති අය – වන්දි ගත්තේ මෙහෙම ද?

4 views
0


අරගලය සමයේ ගිනි තැබීම්වලින් හානි වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාසවලට වන්දි වශයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 122 වැඩි මුදලක් වැයකර ඇති ආකාරය සහ එම වන්දි මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නම් ලැයිස්තුවක් අද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් සභාවට ඉදිරිපත් කරා. ජනාධිපති අරමුදලෙහි මුදල් මන්ත්‍රීවරුන් විසින් අවභාවිතා කර තිබූ ආකාරය හෙලිදරව් කර මාස දෙකක් ඉක්මයාමටත් පෙර මෙම වන්දි ලබාගත් ලැයිස්තුව ඉදිරිපත් කිරීම අතිශය උද්වේගකර පුවතක් වුවත් මෙම වන්දි මුදල් සැබවින් ම ලබාගෙන ඇත්තේ දේපල හානි වූ මන්ත්‍රීවරුන් විසින් එම හානි පූරණය සඳහා ද දැයි විමර්ශනය කිරීමට ආණ්ඩුව විසින් ගනුලබන ක්‍රියාමාර්ගය කුමක් ද යන්න තවමත් ප්‍රෙහේලිකාවක්. එසේ ම ව්‍යාජ හානි දක්වමින් හෝ ඔවුන් සතුවූ බලය අයුතු ලෙස යොදා ගනිමින් එම වන්දි මුදල් ලබාගෙන ඇත්නම්  එම මුදල් නැවත රජයට පවරාගැනීමේ බලයක් හෝ හැකියාවක් ජනතාව විසින් තෝරාපත්කළ ආණ්ඩුව සතු ද යන්නත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් මෙතෙක් සඳහන් කර නැහැ. මෙම සිදූවිම් හේතුවෙන් රටේ සැබෑ ගැටලු වෙත අවධානය යොමුවීම වැලැක්වීමේ කූට උපායක ඉත්තන් බවට මන්ත්‍රීවරුන් පත්වී සිටින්නේදැයි ‍යන සැකයක් පැනනැගීම සාමාන්‍ය වන අතර, මෙලෙස කෝටි ගණනින් සූරාකෑමට ලක්ව ඇත්තේ තම කාලය සහ ශ්‍රමය වැය කරමින් හාල් කිලෝවක්, පොල් ගෙඩියක් මිලදී ගන්නට පොරබදන, සැබෑ ලෙස ම විපතට පත් සමස්ත ශ්‍රී ලාංකික මහජනතාව බව ද සඳහන්කළ යුතුයි. සාමාන්‍ය පුරවැසියෙකුගේ දේපලකට ස්වභාවික ආපදාවකින් හෝ වෙනයම් කරුණකින් හානි වුවහොත් මේ ආකාරයට ම වන්දි ලබාගැනීමේ හැකියාවක් පැවතියේ ද ? එසේ හැකියාවක් නොතිබුණි නම් දැං පවතින රජයෙන් එවැනි සහනයක් ජනතාව වෙත ලබාදීම සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සැලසුම් කවරේ ද යන්නත් ජනතාව වෙත මේ අයුරින් ම ඉදිරිපත් කිරීමට අදාළ වගකිවයුතු පාර්ශවයන් උත්සුක විය යුතු නොවේ ද? 

Your email address will not be published. Required fields are marked *