ලාංකේය අධ්‍යාපන ක්‍ෂේත්‍රය ගත්තහම බොහෝ වෙලාවට මනුස්සයෙක්ගේ ජීවිතය උපාධියෙන් පස්සෙ ස්ටක් වෙනවා. ගොඩක් තැන්වලදී මම දැක්ක දෙයක් තමයි ඔය ස්ටක් වීම එහෙම නැත්තන් ඇනහිටීම. ඒ ගැන කතා කරන්න කලින් ඔය උපාධිධාරියා කියන වචනය ගැන කතා කළොත් එහෙම මට මුලින්ම ඔය වචනෙ හම්බෙන්නේ අවුරුදු දහයෙදී විතර අම්මා බත් ඔතන්න තියන් උන්නු මංගල කිංකිණි අතිරේකයකින්.
ඒකෙ තිබ්බ හැම මංගල යෝජනාවකම වගේ බලාපොරොත්තු වෙලා තිබ්බෙ අනේ අපේ දුවට උපාධිධාරියෙක් තමයි ඕනේ, අනේ අපේ පුතාට ඕන උපාධිධාරිනියක් තමයි කියලා. එතකොට මම හිතුවෙ මේ උපාධිධාරියෙක් වෙනවය කියන්නෙ කසාද බඳින්න ඕන කොලිෆිකේෂන් එකක් කියලා. හැබැයි පස්සෙ තමා දැනගත්තෙ උසස් අධ්‍යාපනය අවසන් කළාම අපිට ලැබෙන කොලිෆිකේෂන් එක තමයි උපාධිය එහෙම නැත්තන් ඩිග්‍රිය කියන්නෙ කියලා.
ඒත් එක්කම අනෙක් පැත්තෙන් මතු වෙනවා තව වචනයක් රැකියා විරහිත උපාධිධාරියා කියලා. ඔය ගැන මම මුලින්ම දැනගත්තේ ටැමිල් ෆිල්ම් එකකින් ධනුෂ් සහ කාජල් උන්නු වේලේ ඉල්ල පට්ටධාරී කියන. ඒකෙ බොහොම ලස්සනට රැකියා විරහිත උපාධිධාරියෙක්ගෙ පසුබිම, මානසික වපසරිය එළියට ගේනවා. ඔය ෆිල්ම් එක බලලා අනේ ඒක ෆිල්ම් එකක් විතරයිනෙ කියන තැනට මම සීමා නොකරන්න ප්‍රධානම හේතුව තමයි මම ආරම්භයේදීම කතා කරපු ගොඩක් මිනිස්සුන්ගෙ උපාධියෙන් පස්සෙ සිද්ධවෙන ඇනහිටීම. ලංකාවේ සංගණනවලට අනුව 2012 ඉඳන් මේ වෙනකන් උපාධිධාරීන් 60,000ක් පමණ රැකියා විරහිතව ඉන්නවා කියලා අනාවරණය කරලා තියෙනවා.
වසරකට රජයේ විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන මඟින් 30,000ක් ඉක්මවූ සිසුන් පිරිසක් උපාධිධාරීන් විධියට ලංකාව තුළ බිහිවෙනවා. එතකොට ඔබ මේ වෙනකොටත් රජයේ උපාධිධාරියෙක් නම් හෝ උපාධි අපේක්ෂකයෙක් නම් මං අවශ්‍යයෙන්ම මතක් කරනවා ඔබ පාසල් ගිය පළමුවැනි දවසෙ ඉඳන් ඔබේ උපාධි ප්‍රදානෝත්සවය වෙනකන් රජය විසින් ඔබ වෙනුවෙන් විශාල පිරිවැයක් දරලා තියෙනවා. පෙළ පොත් ටික, නිල ඇ¾දුම් වවුචරය ඉන් පස්සෙ ගත්තහම මහපොළ ශිෂ්‍යත්වය පවා ඔබ මුදල් ගෙවලා ලබා ගත්තු දේවල් නෙවෙයි. රජය විසින් ඔබට ලබා දුන්නු දේවල් නොමිලයේම. ප්‍රාථමික, ද්විතීයික සහ උසස් අධ්‍යාපනික ක්‍ෂේත්‍රවල යම් යම් අභ්‍යන්තරික ගැටලු තිබුණත් අවුරුදු හයේදී පාසලට ඇතුළත් වෙන දරුවෙක් උපාධිධාරියෙක් කියන තැනට ගේන්න රටේ අධ්‍යාපන ක්‍රමය විශාල පරිශ්‍රමයක් දරලා තියෙනවා. ඔබට සුවිශාල වටිනාකමක් රටේ අධ්‍යාපනය තුළින් අත් කරලා දීලා තියෙනවා.
නමුත් කනගාටුවට කාරණය උපාධියෙන් පසු සැලකිය යුතු ප්‍රමාණයක යම් කිසි පිරිසක් තම ජීවිතය ස්ටක් කර ගැනීම. ඒකට ලොකුම හේතුව විරැකියාව. එහෙමත් නැත්තන් තමන්ගෙ උපාධියට සරිලන ඔපර්චුනිටියක් ජොබ් මාකට් එකේ නොතිබීම. ලංකාව වගේ රටක් ඇතුළෙ අධ්‍යාපනය සහ රැකියා ක්‍ෂේත්‍රය කියන ක්‍ෂේත්‍ර දෙකේ සබඳතාව වඩා ප්‍රශස්ත නොවුණත් ලද උපාධියට රැකියාවක් නොලැබීම කියන කාරණාව මත ඔබ සිස්ටම් එක විවේචනය කරමින් ඉන්නවා නම් එතැනදී ඔබේ ආකල්පමය ගැටලුවකුත් තියෙනවා අවශ්‍යයෙන්ම. මොකද එක වසරෙ ඉස්කෝලේ ගිය හැම මනුස්සයාම උපාධියක් අතේ තියන් නවතින්නෙ නෑ. ඔබට උපාධියක් ලැබුණෙ ඔබේ වාසනාවකටත් ඔයාගේ කේන්දරේ ග්‍රහයො සුබ හින්දවත් නෙවේ.
ඔයාගෙ කැපවීම, උත්සාහය සහ ඔයාගෙ බුද්ධිය නිසයි ඔයා උපාධිධාරියෙක් වෙන්නෙ. එහෙව් වටිනාකමක් තියෙන ඔයා උපාධියෙන් පස්සෙ “අනේ මම ඩිග්‍රියක් ගැහුව ඒත් රස්සාවක් නෑ. මේක කාලකණ්ණි රටක්” කියලා රස්සාවක් හොයාගන්න උත්සාහ කරන එකත් පැත්තකින් තියලා රැකියා විරහිත උපාධිධාරීන්ගෙ සංගමේට බැඳිලා සෝෂල් මීඩියාවල පෝස්ට් ෂෙයා කර කර ඉන්නවා නම් ඔබ ඔය අඳුරු කරගන්නෙ ඔබේම අනාගතය නේද කියලා තත්පරයක් හිතලා බලන්න.
එක වසරෙ ඉඳන් අවුරුදු 25ක් විතර වෙනකන් නොමිලේ අධ්‍යාපනයක් ලබාගත්තු ඔයා ඉන් පස්සෙ රස්සාවත් කවුරුහරි හොයලා තැටියෙ තියලා අතට දෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. මොන යම් හෝ තත්ත්වයක් මධ්‍යයේ වුණත් තමන්ගෙ ජීවිතයේ වගකීම තමන් දරන්න උත්සාහ නොකර එකිනෙකා මත පටවන්න උත්සාහ කරන්නත් එපා. ඔයා ශිෂ්‍යත්වෙ පාස් වුණහම ඔයාට මවුන්ටන් බයිසිකලයක් අරන් දෙන්නම් කියලා තාත්තා ඔයාට කිව්වට, ඔයා ඩිග්‍රියක් ගත්තාම ඔයාට අපි මේ රස්සාව තෑගි කරනවා කියලා කවුරුත් කිව්වෙ නෑනෙ. ඉතින් ඔබට රැකියාවක් නොලැබුණේ එයාලා ඔයාට නොදුන්න නිසා කියලා විවේචනය කරන්න අයිතියක් නෑ. අනෙක් කාරණාව ලංකාවෙ ඉන්නෙ හරි කම්මැලි මනුස්ස පරාණ ටිකක්. ඉතින් කොහොමද රැකියා විරහිත උපාධිධාරීන් බිහි නොවී තියෙන්නෙ. තමන්ගෙ ජීවිතයෙ වගකීම තමන් දරන්න උත්සාහ කළා නම් රස්සාව කියන්නෙ ගැටලුවක් නෙවෙයි.
හියුමන් රිසෝස් මැනේජ්මන්ට් අතින් ගත්තම ලංකාව තුළ බොහොම අඩු වශයෙන් තමයි මනුස්සයෙක්ගෙ තියෙන ස්කිල්ස් මෙන්න මේවාය කියලා අඳුනගන්න පුළුවන් තත්ත්වයක් ගොඩනැඟෙන්නෙ. නමුත් උපාධිධාරියෙක් වෙන තරමටම ඔබ දක්ෂයෙක් නම් ඔබේ ස්කිල්ස් අ¾දුන ගන්න එක ඔබට අමාරු වැඩක් නෙවෙයි. ඇයි ඔයාට බැරි ඔයාගෙ ස්කිල්ස්වලින් ප්‍රයෝජනයක් ගන්න. ඇරත් ඇයි රස්සාවක් තැටියක තියලා ගෙනත් දෙනකන් බලන් ඉන්නෙ. උත්සාහ කරන්න.
උපාධියක් අරගත්තාය මම වැඩ්ඩෙක්‍ය, ඒ නිසා රස්සාවක් ලැබිය යුතුමය කියලා හිතන් ඉන්නවා නම් මුලින්ම යෝජනා කරනවා අනේ කරුණාකරලා ඔය මාන්නය විසි කරලා ඉන්න. සාධාරණ විධියට මුදල් උපයගන්න හැකි රස්සාවක් ඔයාට හොයාගන්න බැරි වෙන්නෙ නෑ. රජයේ ගුරු පුරප්පාඩු විසි තිස් දහසකට අධිකයි කියලා ශ්‍රී ලංකා ගුරු සංගමේ කාලෙකට කලින් ප්‍රකාශ කරලා තිබුණා. රජයේ සහ පෞද්ගලික අංශ ගණනාවකම මේ මොහොතෙත් පුරප්පාඩු පවතිනවා. ඒත් ඔබ උපාධියක් අරගෙන මේ මොහොතෙත් රැකියා විරහිත උපාධිධාරි සංගමේ ෆේස්බුක් පේජ් එකකට, ගෘෘප් එකකට, වෙලා කමෙන්ට්, රිඇක්ට් කරන ගමන් ඉන්නෙ. ඒ නිසා ඔයාගේ සාර්ථකත්වය කවුරුත් උදා කරලා දෙනකන් බලන් නොයිඳ උත්සාහ කරන්න. ඔයා ගත්තු උපාධියට වටිනාකම් දෙන්න ඕන ඔයා. කාටවත් චෝදනා කළා කියල, විවේචනය කළා කියලා ඔයාට රස්සාවක් නොලැබෙන විත්තිය මම අමුතුවෙන් කියන්න වුවමනා නෑනෙ. අඩුම තරමේ ඔයාටම ආවේණික වෙච්ච ඔයාගෙම ස්කිල්ස්වලින් ඔයාට පුළුවන් වෙයි ජොබ් මාකට් එකට අලුත් රස්සාවක් අ¾දුන්වා දෙන්න.
ඒත් එක්කම පසු සටහනක් තියන්න කැමැතියි VIP 2 ෆිල්ම් එක මම උඩදි සඳහන් කරපු වේලේ ඉල්ල පට්ටධාරී දමිළ සිනමාපටය ඔයා අනිවාර්යයෙන්ම බැලිය යුතු සිනමාපටයක්. ඔයාගේ ජීවිතයට විශාල අභිප්‍රේරණයක් ලැබෙයි ඔයත් රැකියා විරහිත උපාධිධාරියෙක් නම්.
ඉතින් ආයෙත් මතක් කරනවා කවුරුත් ඇවිත් ඔයාට දෙන්නෙ නෑ. ඔයා උත්සාහ කරලා ගන්න ඕන. ‘ගෝල්’ කියලා ළමා ෆුට් බෝල් ටීම් එකක ෆිල්ම් එකක් ආවේ මනෝරත්න මහත්මය උන්නු. එක තැනක මනෝරත්නයන් ඒ ළමයින්ට කියනවා
“අපිට දෙන්නෙ නෑ අපි ගන්න ඕන” කියලා.
අවසාන වශයෙන් මමත් ඔබට කියනවා
“අපිට දෙන්නෙ නෑ අපි ගන්න ඕන”
පවනි වාසනා