2025 වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය ලේඛනය සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් රජයට ඉදිරිපත් කළ යෝජනාවලියක් පිලිබඳ කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද පුබුදු ජයගොඩ සහ චමීර කොස්වත්ත යන පක්ෂ ක්‍රියාකාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
නිල නොවන ආරංචි මාර්ගවලට අනුව 2025 ජනවාරි මස 09 වැනිදා විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කිරීමට සහ පෙබරවාරි 17 අයවැය ඉදිරිපත් කිරීමටත් සූදානම් බව සඳහන් කළ පුබුදු ජයගොඩ තවදුරටත් ප්‍රකාශ කළේ රාජ්‍ය මූල්‍ය ප්‍රරතිපත්ති රජය හෝ පාර්ලිමේන්තුව විසින් නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක වෙළඳ සංවිධනය වැනි අධිරාජ්‍යවාදී මූල්‍ය ආයතන විසින් ගනුලබන බවයි. තව ද මෙම හමුවේදී, දෙසැම්බර් 18 වැනිදා ජනාධිපති තුමන් පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ අයවැයක් බදු වු කතාව පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කෙරුණා. අර්බුදකාරි පසුබිමක අප රට තුළ සිදු කළ හැකි සහ ඉතා ඉක්මනින් සිදුකළ යුතු කර්තව්‍යයන් පිළිබඳ යෝජනා 22ක් සහිතව සකස් කළ යෝජනාවලියක් ජනාධිපතිතුමන් වෙත ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළ ඔවුන් ප්‍රකාශ කළේ එම යෝජනාවලිය
රාජ්‍ය ආදායම් ක්ෂේත්‍රය
රාජ්‍ය වියදම් ක්ෂේත්‍රය
විදේශ විනිමය ක්ෂේත්‍රය
යන ක්ෂේත්‍ර ත්‍රිත්වයම සම්බන්ධව යෝජනා අන්තර්ගතකර ඇති බවයි. එසේ ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිනවීමේ අරමුණින් බැහැර වී ජනතාව සහ රාජ්‍ය, පෞද්ගලික මෙන් ම වතු කම්කරුවන්ට සහන සැලසිය යුතු ම බවත් ජනතාව මේ පිළිබඳ අවධානය මෙන් ම බලපෑම්ද යොමුකළ යුතු බවත් ප්‍රකාශ කළා.