හිරුනිකාගේ අයිස් බකට් නාඩගම ලාල් කාන්ත ප්‍රතික්ෂේප කරයි..දරුවාගේ ටියුෂන් වියදම දරාගන්නත් බෑලු.

lala-hiru-webලොව පුරා අන්තර්ජාලය ඔස්සේ ප්‍රකටව පවතින අයිස් බකට් අභියෝගය බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පසුගිය දා භාරගත් අතර ඇය විසින් අයිස් වතුර නෑමෙන් පසු එජාප ඌව පළාත් සභා මහඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු, පළාත් සභා මන්ත්‍රී සෙනල් වෙල්ගම සහ ජ වී පෙ පළාත්සභා මන්ත්‍රී ලාල්කාන්ත යන මන්ත්‍රී වරුන් හට ඒ සඳහා අභියෝග කලේය.

අනෙක් දෙදෙනා මේසඳහා දක්වන ලද ප්‍රතිචාරය තවම මාධ්‍ය වෙත වාර්තා වී නොමැති අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත වෙත ලබා දුන් අයිස් බකට් අභියෝගය භාර නොගන්නා බව ලාල් කාන්ත පවසයි.

ඔහු පවසන්නේ එවැනි අභියෝගයක් භාරගැනීමට තරම් සමාජ දේශපාලන වටපිටාවක් නොමැති බවත් එය බාරගත්තේ නම් ඌවේ ජනතාව ඉදිරිපිටට එය විහිළුවක් බවට පත්වීමට ඉඩ තිබූ බවත්ය.

මේ අතර ඔහු පවසන්නේ පවුලේ වියදම් තනිව දරාගත නොහැකි බැවින් දේශපාලනයෙන් ඉවත් වී ආදායමක් උපයන විදිහක් ගැන හිතන ලෙස තම බිරිද තමන්ගෙන් ඉල්ලා සිටින බවයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹදී පැවති උත්සවයක් අමතමිනි.ඔහු එහිදී මෙසේද ප්‍රකාශ කළේය.

‘මගේ දුවගේ අම්මත් හැමදාම අවුරුදු ගාණක් උදේ හතරට නැගිටිනවා. දුව දැන් උසස් පෙළ ඉගෙන ගන්නේ. ටියුෂන්වලට මාසෙට රුපියල් තිස් දහසක් විතර ඕනි. විද්‍යා විෂයන් ඉගෙන ගන්නේ. බිරිඳ ගුරුවරියක්. එයාගේ පඩිය මදි. මට කියක්වත් හම්බ වෙන්නේ නැහැ. එයා තනියම ඒ දුක දරාගෙන වැඩ කරගෙන යනවා.

මං කොහේ හරි රට වටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන හාල් පොල් ටිකක් ගෙදරට ගෙනත් දානවා. ඒකෙන් විතරක් වැඬේ හරියන්නේ නෑ. මං කියනවා රටේම මිනිස්සු,දුප්පත් අම්මලා අපිට එක එක ප‍්‍රශ්න කියනවා. ගොඩක් අයගේ ප‍්‍රශ්න විසඳනවා. ඒවාට මැදිහත් වෙනවා.

ඔයාල දන්නවා මම අවුරුදු 30ක් ජේවීපි එකේ ෆුල් ටයිම්. ශත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30 ට.

දැන් මට එයා කියනවා අවුරුදු තිහක් ෆුල් ටයිම් කරපු මට ඔයත් මොනව හරි කරන්න බලන්න. ඒ අම්මා අර අම්මාට වඩා වෙනස් තමයි නමුත් තාමත් දුක් විඳිනවා’

August 25th, 2014 by Sugath
Comments

4 responses to “හිරුනිකාගේ අයිස් බකට් නාඩගම ලාල් කාන්ත ප්‍රතික්ෂේප කරයි..දරුවාගේ ටියුෂන් වියදම දරාගන්නත් බෑලු.”

  1. නිමල් ජයසිංහ says:

    ලාල් කාන්ත කියන්නෙ අයිස් කාමරවල ඉන්න අයිස් බකට්වලින් නාන ප්‍රදර්ශන පවත්වන දේශපාලකයෙන් නොවෙයි.ඔහු ජනතාව අතර ඉන්න ජනතාවගේ දහදිය කදුල හදුනන දන්න මහපොළවේ පය ගහගෙන ජීවත්වන අවංක මිනිසෙක්.ලාල් කාන්තල වගෙ චරිත අයිස් කැට වගෙ දිවෙලා යන්නෙ නැහැ.ලාල් කාන්ත පීඩිතයින් වෙනුවෙන් පෙනී සිටින උත්තුංග මිනිසෙක්.අයිස් කැට බාල්දියකින් නෑවෙ නැහැ කියල ඔහුගෙ කීර්ති නාමයට පලුද්දක් වෙන්නෙ නැහැ.හැබැයි නාපු කට්ටිය කාලයාගේ ඇවෑමෙන් ජනතාව අතර අයිස් කැට බවට පත්වන එක වලක්වන්න බැරිබව අපි ජනතාව විදිහට දන්නව.

  2. Roy says:

    THEN RESIGN FROM YOUR SELFISH POLITICS AND GO AND DO A JOB. YOU ARE DOING POLITICS, BECAUSE YOU ARE SELFISH. YOU ALSO LOOKING A CHANCES TO MAKE MONEY.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…