“සිහසුනේ තැබුවත් ආරේ ගති නෑරෙන නරියා”

vishwaග්‍රීක දේව කතාවල එන දේවරාජයා හා මැවුම්කරුවා වන සියුස් දෙවියා දිනක් නිවාඩු පාඩුවේ ගතකරන වෙලාවක, වනාන්තරයේ සියලුම සතුන්ගේ ගතිගුණ, දක්ෂතා, තැනට සුදුසු නුවන හා ප්‍රඥාව ගැන සමාලෝචනයක යෙදුනා. සියුස් දෙවියාට අවශ්‍යව තිබුනේ ලෝකයේ වනසතුන් අතරින්, වනසතුන් සදහා රජෙකු තෝරා පත්කර ගැනීමටයි. එක එක සතුන්ගේ හැඩ රුවත්, තේජස් බවත් ශරීර ප්‍රමාණයත් සැලකිල්ලට ගත් නමුත්, නොයෙක් සතුන් නරියාට වඩා විශාලත්වයෙන් හා එඩිතර බැවින් බොහෝ ඉදිරියෙන් සිටියත්, උන් එකෙක් වත් නරියාගේ බුද්ධි මහිමයටවත්, ඕනෑම තත්වයකට පහසුවෙන් මුහුණදීමේ හැකියාවත් නම්‍යශීලී බවත් නිසා අන් කවර සතෙකුට හෝ නරියාට ගව්ගනනකටවත් ලංවෙන්නට පුලුවන් කමක් තිබුනේ නෑ. ඉතින් සියුස් දෙවියෝ සියලු සතුන්ගේ රජුලෙස නරියා නම්කර තනතුරේ වැඩ බාර දුන්නා.

රජවුණ නරියා ටිකකලක් තම පාලන කටයුතු කරගෙන යද්දී සියුස් දෙවියාට අවශ්‍ය වුනා නරි රජුව දුරුපරීක්ෂවට ලක්කොට, තම නිලය, සමාජ තරාතිරම වෙනස් වීම නිසා ලැබුන අසීමිත බලයෙන් ප්‍රයෝජන නොගෙන, තම කපටි මසුරු සහ නරක ගතිගුණ හොඳ අතට පරිනාමයවී ඇත්දැයි විමසා බැලීමට. ඉතින් දවසක් රාජකීය කටයුත්තක් සදහා රාජ නරියාව සේවකයින් විසින් රාජකීය දෝලාවකින් ඔසවාගෙන යද්දී, නරියා ඒ තුලට වී මහා ගරු ගාම්බීර සෙයියාවෙන් වාඩිලා සිටියා. මේ දර්ශනය දුටු සියුස් දෙවියා නරියාගේ හොස්ස ලඟින් නිලමැස්සෙකු යවන්න තීරණය කලා. නිලමැස්සා නරි රාජයාගේ නාසය උඩිනුත්, දෝලාව තුලත් ඉන් පිටතත් ගුම් නද දෙමින් බමන්නට පටන්ගත්තා.

තමන්ගේ අලුත ලැබුන රාජකීය නිලයත්, ඒ නිසාම ලගාවුන රාජකීය තත්වයත් සතපහකට නොසැලුකු රාජ නරියා බලයෙන් උන්මන්තක වී, දෝලාවෙන් එලියට පැන නිල මැස්සා පසුපස පන්නන්න පටන්ගත්තා.රජෙකුට නොතරම් නරි ගතිය ගැන අසීමිත ලෙස කෝපගත් සියුස් දෙවියා වහාම දේවසේවකයන් ලවා නරි රජුව කුදලාගෙන ගෙනවිත් සියලු සතුන් ඉදිරියේ නිරුවත් කර රජකමින් පහකළා.

“නරියෙකුට වුවද රජවිය හැක, එනමුදු රජවුණ පසුව වත් රාජ නරියෙකු නොවී, නරිගති අත් හැර, නැණවත් ගුණවත්, දැහැමි රජෙකු සේ හැසිරෙමින් ජනතාවට සේවය කලයුතුය”

January 26th, 2015 by Vidura Vidura
Comments

One response to ““සිහසුනේ තැබුවත් ආරේ ගති නෑරෙන නරියා””

  1. Roy says:

    SAME AS MANGALA , RAVI & MERYEN SILVA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…