” සිංහයා සමග විරසක වුන වල් උරා”

එක් ග්‍රීෂ්ම ඉර්තුවක අප්‍රිකානු වනපෙතක දැරිය නොහැකිතරමේ පිපාසාවෙන් පෙළුණු වනසතුන් එක එකා මියැදෙමින් සිටියදී, මුලුවන පෙතේම කොයි කාගේත් මරණය වැඩි ඇතක නොවේය යන වග, තැන තැන කුණුවී දුගද හමන මළකුණු ගෙන ආ මරණයේ බියකරු පණිවිඩයෙන් සසල වී ගියා. මේ අතර සිංහයෙකු සහ වල් සුකරයෙකු පිපාසයට දිය බිඳක් සොයායමින් සිටියදී, වතුර ඇබින්දක් ඇති කුඩා දියපාරක් දැක එතනට කඩිනමින් දිවගියා. හොඳටම හිදී වියලී තිබුණු, එකෙකුට පමණක් යාන්තමට පිපාසාව නිවාගන්නට,  තිබුන බොරපහ ගැනුන ජලය දියකඩිත්තෙන් මුලින්ම පානය කලයුත්තේ කවුරුන්දැයි ඇතිකරගත් වාදය, බහින්බස් වීමකටද ඉන්පසුව එය උත්සන්න වීමෙන් ජීවිතයත් මරණයත් අතර කෙරෙන සටනක් බවටද පත්වුණා.
දල ඇතුන් සහ කොටි වග වලසුන් පවා බීතියට පත් කල හැකි වල් උරාව පරාජය කරන එක සිංහයාට වුනත් ලේසි පහසු කාරියක් වුනේ නෑ. ජය එකෙකුගේ මරණයෙන් පමණක් ඉතිරි කළහැකි විසදුමක් ලෙස ලේ පෙරෙමින් කරගෙන යද්දී දෙදෙනාටම වෙහෙස වැඩි නිසාමදෝ සටන ටිකකට නැවතුනා. ඒ ඉස්පාසුවේ මරණීය නිහැඬියාව තුල හොඳින් වට පිට බැලූ මුර්ගයින් දෙපලගේ නෙත ගැටුනේ මරණය ඉව වැටී කිට්ටුවෙන කෑදර ගිජුලිහිණියන් රෑනක්. වහාම කාරණය අවබෝධකරගත් මුර්ගයින් දෙදෙනා අනුන්න්ගේ කුණු මස් කෑමට තළුමරමින් ඉන්න ගිජුලිහිනියන්ට අහර වෙනවට වඩා සමගිවීමට අධිෂ්ටාන කරගෙන, ඉවසීමෙන්, සටන සදහටම නවතා, බොර දියටික වුවද බෙදා හදා ගෙන බී සතුටින් විසිරගියා.
” සැකය අවිශ්වාසය, අසමානකම් හා සියලුම විරසක භාවයන් දුරුකොට, සමගි නොවීමෙන් වාසිය සැලසෙන්නේ කල් යල් බලමින් ගැවසෙන හතුරන්ටය”
September 25th, 2012 by Vidura Vidura
Comments

One response to “” සිංහයා සමග විරසක වුන වල් උරා””

  1. Roy says:

    This is a good lesson to Ranil And the Band

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…