“සාමකාමී මැතිවරණයකට සියලු දෙනාම කැපවෙන්න” – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

අද උතුරු මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභා ත්‍රීත්වයේ ආසන 114 සදහා මන්ත්‍රීවරුන් තෝරා ගන්නා මැතිවරණයයි. පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් ගේ උපදෙස් පරිදි, ජේෂ්ඨ උප පොලිස්පති (මැතිවරණ) ගාමිණී නවරත්නගේ අධීක්ෂණය යටතේ 21,000 ක පොලිස් බලකායක් සේවය යොදවා ඇත. ඊට අමතරව ජේෂ්ඨ උප පොලිස්පති රණවන යටතේ විශේස සේවා බලකායක් සීරුවෙන් තබා ඇත. ඒ පරීක්ෂණ මුරපොළවල්, මාර්ග බාධක හා ජංගම පරීක්ෂාව සදහාය. මේ ආරක්ෂාව අවශ්‍යවී ඇත්තේ යුද්ධයෙන් පසුවය (හරියටම කියනවනම් යුධ ජයග්‍රහණයෙන් පසුවය), එත් පළාත් නවයකින් තුනක් සදහා පමණි. ඒ අතරම – “උදෙන්ම චන්දය දී ගෙදරට වෙලා ඉන්න”- මැතිවරණ කොමසාරිස්, 
සාමකාමී මැතිවරණයකට සියලු දෙනාම කැපවෙන්න” – ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, “තර්ජනවලට බිය නොවී ඡන්දය දෙන්න” එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් තිස්‌ස අත්තනායක, “බුද්ධිමත් තීරණයක් ගන්න” – ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් යන දේශපාලන නායකයින් ප්‍රකාශකර ඇත. ධර්මිස්ට සමාජයක්, හිසට වහලක් හිතට හෙවනක්, මතට තිතක් සමග පස්වෙනි මහින්දගේ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පවත්වන මැතිවරණයක් අපට පෙනෙන්නේ සෝමාලියාවේ හෝ වෙනත් අප්‍රිකානු රටක කිසිදාක නිමනොවන යුද්ධයක් වාගේය. 
September 8th, 2012 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…