සමුද්ර තරණයේ සිනිදු මාවත

dock1රාජපක්ෂ රජයේ පරාජයත් සමගම චීන රජය විසින් සැලසුම් කරනු ලැබූ “සමුද්‍ර තරණයේ සිනිදු මාවත” ව්‍යාපෘතිය පිලිබඳ චීනය බලා පොරොත්තු වූ ප්‍රතිපල ලබාගත හැකි වේද යන්න පිලිබඳ ගැටළු මතුව ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව පළමුවෙන්ම වෙළඳ ගනු දෙනු කරනු ලබනුයේ ඉන්දියාව සමගය, දෙවනුව ඇමරිකාව සමග ගනුදෙනු කරනු ලැබූ අතර, රාජපක්ෂ රජය බලයට පැමිණීමත් සමගම චීනය, ඇමරිකාව අභිබවා ශ්‍රී ලංකාව සමග වෙළඳ ගනු දෙනු ඇරඹීමට සමත් ව තිබේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ චීනය විසින් යුධ අවි ලබාදීමත්, මත්තල ගුවන් තොටුපල, මහා මාර්ග, කොළඹ වරාය, හම්බන්තොට වරාය සහ අධිවේගී මාර්ග සඳහා ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දීමත් ඒවා ගොඩ නැගීමට ආධාර කිරීමත්ය.dock

 

ලොව පුරා වෙළඳ ගනුදෙනු කිරීමේදී භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව පිහිටා ඇති අන්දමට, එය විශාල සම්පතක් බව චීනය, ඇමරිකාව ඇතුළු සියලුම බලවත් රජයන් හොඳින් දන්නා කරුණකි.

මයිත්‍රී ගේ ප්‍රකාශයකට අනුව ” මුලින් යුධ ශක්තියෙන් සුදු මිනිසුන් අත්පත් කර ගත් ශ්‍රී ලංකාව, අද සුළුතරයකට මුදල් ගෙවා විදේශිකයින් විසින් අත්පත් කර ගෙන” ඇතිබව ප්‍රකාශ කෙරුණි. මින් චීනය කේන්ද්‍රස්ථානය ගත බව චීන රජය දත් හෙයින් මින් ඉදිරියට චීනය ලංකාව පිලිබඳ දැක්වූ හිතවත් කම සෙමින් දියවෙනු ඇතැයි විචාරකයෝ ප්‍රකාශ කරයි.screen-shot-2015-01-09-at-12-23-04-pm

 

කෙසේ වෙතත්, මේ වෙන විට මිලියන 20ක් ජීවත් වෙන ශ්‍රී ලංකාව, චීනයට පමණක් බිලියන 4.9ක් ණය වී ඇති අතර සියලුම විදේශ රජයන්ට ඇති ණය බරේ මුළු එකතුව බිලියන 15ක් වේ. මෙම ණය 1997තේ සිට 2012 තෙක් බලයට පත්වූ රජයන් විසින් ගන්නා ලද ණය වේ. මේ අනුව 2012 වසර අවසානයේදී ශ්‍රී ලංකාවේ ජීවත් වූ එක පුද්ගලයෙක් විදේශ රජයන්ට ඇති ණය රුපියල් ලක්ෂයකට ආසන්න වේ.

2012 සිට 2014 අවසානය දක්වා රාජපක්ෂ රජය විදේශ ණය සඳහා තැබූ අත්සන් සංක්‍යාව මෙතෙක් හෙළිදරව් වී නොමැත.

January 15th, 2015 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…