“සමහරු නිරත වන සියලු කටයුතු වලදී බහුතරය සතුටුකරවයි, තවත් සමහරු නික්මයාම නිසාම සාතිශය බහුතරය සතුටුකරවයි” – ඔස්කා වයිල්ඩ්

මෙම උදෘතය කියවූ සැනෙකින්ම ඕනෑම ලාංකික පුරවැසියෙකුට වසර 2005 සිට 2015 ජනවාරි මස දක්වා ලාංකීය දේශපාලන කරලියේ සිදුවූ සියලුම ලොකු කුඩා සිද්ධීන් හා ඒවායින් සිදුවූ වැඩ අවැඩ මතකයට නැගෙනු ඇත. ලාංකිකයින් වන අප විසින් මේ කතා කරන මොහෙතේ අත්විදින සියලුම හොඳ හෝ නරක සමාජ තත්වයන් අත්විදින්නේ අපි අනාගතයේදී කරන්න සිතාගෙන ඉන්නා ක්‍රියාකාර කම් නිසාවෙන් නොව, සමස්ත ජන කොටසක් ලෙස අප අතීතයේදී කල කී දේ නිසාවෙනි. අප කී දෙනෙක් අප සමග එකට ජීවත් වෙන සමාජ සත්වයන් වෙනුවෙන් නිවැරදි දේ කර ඇත්ද? මානව හිතවාදය වෙනුවෙන්, යහපාලනනය වෙනුවෙන්, සමානාත්මතාවය වෙනුවෙන්, ජාතීන් අතර සමගිය හා විවිද ආගම් අදහන්නන් අතර සංහිදියාව වෙනුවෙන් අප යමක් කර ඇත්ද? හොඳ දෙයක් වෙනුවට තවත් හොඳ දෙයක් දීමට නොව, නරක දෙයක් වෙනුවට වඩා හොඳ දෙයක් අප ජීවත් වන සමාජයට දීමට අප දායක වී ඇත්ද?

අපගෙන් වැදුම් පිදුම් හා දාන මාන ලබන කසාවන්/ස්වේත චීවර වලින් තම අධ්‍යාත්මයේ සබැ බෞතික ස්වරූපය වසාගත් බහුශ්‍රැත ආගමික නායකයින්, ලක් මවගේ පිනට පහළවී යයි අපිම වනාගන්නා ලෝකල් සාහිත්‍යධරයින්, සංගීත විශාරදයින්, සමාජ විධ්යාදරයින්, දේශපාලන පරිනතයින් හා අති බහුතර සාමාන්‍ය ජනතාව වන අප, කැමති හෝ අකමැති වුවත් හිතින් මෙන්ම කරන සියලුම දෙයින් ලාංකිකයින් වන අප වෙනුවෙන් අපේ යුතුකම සබැ මානවයන් ලෙස ඉටු කර ඇත්ද? උතුරු නැගෙනහිරින් වැඩි චන්ද ලබා ගැනීම, මෙවර ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට හේතුවුවා යයි කියමින්, මෛත්‍රී රජය විසින් මෙතක් කල යම් යම් වෙනස්කම් ගැන නෝක්කාඩු කියන අමරසේකර, නලින් ද සිල්වා වැන්නවුන්ද, හෙළ උරුමයේ කුණු සෝදා පිරිසිදු කරගත් පිවිතුරු හෙළ උරුමයේ නමටද අකැප හැසිරීමක් ඇති දුමින්ද සිල්වා වැන්නවුන් සමග එකම ආරාමයක සිල්ගන්න වුන්ද, අද දිනයේ සෝදා පිරිසිදු කරන්නට තනන්නේ කවුරු විසින් කාට කරන ලද පාපකර්මයන්ද?

මෛත්‍රී නිරත වන සියලු කටයුතු වලදී බහුතරය සතුටුකරන බවත්, මහින්ද රාජපක්ෂගේ කුටුම්බ පාලනයේ නික්මයාම සාතිශය බහුතරය සතුටුකරවන මංගල නිමිත්තක් බව පසක් වීමට තවම සාක්ෂියක් ලෙස ඇත්තේ මෛත්‍රී පාලනය ඒ සඳහා ගත් ප්‍රවේශයෙන් පමණි. එය ජනතාව විසින් පරීක්ෂාවට ලක්කළ යුතුවේ. ඒ මහා බලසම්පන්න හා දෘඩතර අතිගරු ජනාධිපති ධුරය බලරහිත කර අහෝසි කිරීමද, පෙර ලාංකීය අත්දැකීම් වලට අනුව නම් තවමත් දවාලේ දුටු සිහිනයකි.

February 15th, 2015 by Vidura Vidura
Comments

One response to ““සමහරු නිරත වන සියලු කටයුතු වලදී බහුතරය සතුටුකරවයි, තවත් සමහරු නික්මයාම නිසාම සාතිශය බහුතරය සතුටුකරවයි” – ඔස්කා වයිල්ඩ්”

  1. MAHINDA NOHITA MAYTHRIPALA JANADHIPATHI VELA HITIYANAM ADA Prabakaran agamathi !! chandra

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…