විශ්ව ජනකතා “වුර්ක නීතිය සහ නුවණැති බූරුවා”

එක්තරා මහා වන පියසෙක විසු වුර්ක රැලක්, ඉදිරියේ ඒයයි දැනගන්නට ලැබුන මහා සාගතයකට කල් තියා ලක ලැස්ති වීම සදහා, ඊට නායකත්වය දීමට නායකයෙකුගේ අවශ්යතාවය දැක, තරග විභාගයක් පවත්වා උන් අතරින් එකෙකු නායකයා ලෙස පත් කරගත්තා. නායකයා ලෙස දිවුරුම් දුන් වුර්කයා සුභමොහොතින් රාජකාරි පටන්ගත් සැනින්ම, තමාගේ චින්තනය පැහැදිලිකරමින්, සැමටම පොදු, සර්ව සාධාරණ, ධාර්මිෂ්ට  නීති පද්දතියක අවශ්‍යතාවය ගැන ඉතා ගරු ගාම්බීර විධිහට කරුණු අවධාරණයකලා. එහි හැමෝටම පොදු නීති වලින් එකක් වූ හදිසි නීතියක්,  සාගතයට කලින්ම වහාම ක්‍රියාත්මක වන පරිදි, නීතිගත කළයුතුයයි අණකර සිටියා. ඒ වූකලි සාගතයට කලින් හෝ සාගත කාලය අතරතුර දඩයම්කරගන්නා සියලුම දේ තම ප්‍රජාව අතරේ බෙදා හදා ගත යුතු බවයි.එසේ කලයුතු යයි කියන නියෝගයට ඔහු ගෙන හැර පෑ තර්කය වුයේ, දඩයම්කරගන්නා සියලුම දේ තම ප්‍රජාව අතරේ බෙදා හදා ගැනීමට පුරුදු වීමෙන්, ඉදිරියේදී කවරදාවත් තම වරිගයාට කෑම අහේනියක් ඇතිවී එකිනෙකා මරාගෙන කෑමට තරම් භීෂණයක් ඇතිවීම වලක්වාගැනීමට බවයි. මේ ගැන අනෙක් සියලුම සතුන් කට බලියාගෙන, තුස්නිම්භුතව බලාගෙන සිටියා මිසක් මුවින් හුම් සබ්දයක් වත් පිට කලේ නෑ.

මේ අතර බුරුවෙකු (දේශපාලකයෙකු නොවේ) ඉදිරියට පැමිණ, උගේ බෙල්ලේ දෙපැත්තේ ඇති රන්වන් කෙස් කැරලි දෙපැත්තට ගස්සමින් මෙසේ ප්‍රශ්න කර සිටියා. ” ගති ගුණ වලින් විතරක් නම් කාරී නෑ, වැඩ වලිනුත් නියම වුර්කයෙකු වන නායකතුමා කරලා තියෙන්නේ නියම ආර්ය යෝජනාවක්නේ. නමුත් ඉතින් යෝජනාව ආර්ය වුනත් පුංචි කාරණාවක් තියෙනවා නිරාකරණය කරගන්න. ඒ කියන්නේ, ඇයි ඔබතුමා ඊයේ කල මුව දඩයම වුර්ක ලෙනේ හංගගෙන ඉන්නේ නැතුව දැන්ම මෙතෙනට ගෙනැවින්, කියන දේ යෝජනා වලට පමණක් සීමා නොකර, අපි හැමෝම සමග බෙදාහදා ගෙන නායකකමේ අපූරුව ආදර්ශයෙන්ම පෙන්වන්නේ නැත්තේ” කියල. බුරුවෙකු වුනත් ඉදිරිපත්කල පංකාදු අභියෝගයෙන්, තමාට වියහැකි පාඩුව අවභෝද කරගැනීමෙන් හිස අවුල්කරගත් වුර්ක රජා, තම විධායක බලතලම  උපයෝගි කරගනිමින් සකල නීති පද්ධතියම අහෝසි කරන්න තීරණය කළා.

“තමන් විසින්මත් රටේ නීති උල්ලංඝනය කරමින්, අන්නුන්ට යුක්තිය පසදලීමට  පුරසාරම් දොඩවන නායකයන් තොරා ගැනීම කල්යල් බලා නොකිරීමෙන් රටද රටේ නීතියද විනාශවේ”

September 12th, 2012 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…
manmeds.top | 502: Bad gateway

Error 502 Ray ID: 3f23776e35cd7e21 • 2018-02-24 15:30:31 UTC

Bad gateway

You

Browser

Working
Detroit

Cloudflare

Working
manmeds.top

Host

Error

What happened?

The web server reported a bad gateway error.

What can I do?

Please try again in a few minutes.