“වුර්කයන් සමග එකඟතාවයකට යාම නිසා තම වරිගය නසාගත් බල්ලෝ”

vishwaනිරන්තරයෙන්ම තමන්ගේම වාසිය පමණක් සලකා ක්‍රියාකරමින්, බඩේ බිජුසගවා, සර්වකාලීන පසමිතුරන් සමග හෝ සන්ධාන ගතවෙන්න නොපැකිලුනු වුර්කයෝ, දිනක් බලු රෑනක් අමතා මෙසේ කීවාලු. “සිතිවිලි වලින් හැරුණු කොට අපි අනෙකුත් සියලු දෙයින්ම සමාන වෙද්දී, ඇයි ඉතින් දෙපාර්ශවය මේ විදිහට විරසකවී එකිනෙකා සමග ඇනකොටා ගන්නේ, අපිට පුලුවනිනේ, එකගතාවයකට ඇවිත්, සතුරන් නොවී සංහිදියාවෙන් ඉන්න කියා. අපට එකවගේ හිතන්න බැරි වීමම අප නම් දකින්නේ අසමාන තාවයකට වඩා සමාන කමක් විදිහියටයි, එම නිසා කල යුත්තේ අප හැමෝටම වාසි වෙන විදිහට සන්දානගතවීමයි කියමින් බල්ලන්ගේ පස්ස පැත්තේ ලාවට ගිතෙල් ටිකකුත් ආලේප කලා.

එතනින් නොනැවතුන වුර්කයෝ නොනවත්වාම බල්ලන්ට මත් බණ දේසනා කලා. දැන් බලාපල්ලා වනවාසී වුර්කයන් වන අපි කොයිතරම් ස්වාධීනද? අපි හැම අතින්ම උඹලාට වඩා නිදහස්. ඒකට උඹලා, සදහටම ස්වාමියාට යටත්ව, උන්ගේ නොපනත් කම්, පාහරකම් හා ගුටිබැට පවා ඉවසමින්, දීනකමේ සංකේතයක් වන, ඕනෑම විටකදී ඇද රිදවා බැඳ දැමියහැකි හැකි කරපටියක් පැළද, වෙලාව අවේලාව නොබලා උන්ගේ දේපල හරකා බාන ආරක්ෂා කරමින් කරනා අනුපමේය මෙහෙවරට කෘතුගුණ වශයෙන් උඹලාට ලැබෙන්නේ මොන ලබ්බක්ද? ඕනනම් ඉතින් මිනුසුන් කාබී සන්තර්පනයවී ඉතුරුවෙන කටුවක් දෙකක් උඹලා දෙසට උසික්ක කරනවා හැරෙන්න, ඒකත් ඉතින් බුක්ති විදින්න කොයිතරම් නම් පොරයක් දෙන්න ඕනෑද උඹලාගේම වරිගයත් එක්ක?

ඔය අසත් පුරුෂයන්ගෙන් උඹලාට ලැබෙන මොන කෙන්ගෙඩියක්ද කියමින් වුර්කයන් රෑන බල්ලන්ට බැන අඬගාන්න තියාගත්තා. අනේ බල්ලනේ, දුරින් ඥාතියන් වන වුර්ක අපි කියන දේ හොඳට අහපල්ලා. අපිට කෙනිහිලි කරන්නේ නැතිව ඔය උඹලා ජීවිත පරදුවට තබා ආරක්ෂා කරන, උඹලාගේ ස්වාමීන්ට අයත් සත්ව ගොවිපල ඇතුලට එන්න, ඇවිත් උඹලා සමග ආශ්‍රය කරනට ඉඩ දියල්ලා කියමින් වුර්කයින් රොත්ත පින්සෙන්ඩු වුනා. එවිට හැමදාමත් උඹලාගේ ස්වාමියන්ට අයත් දේපල ආරක්ෂාකරමින් බැලමෙහෙවර කරනවා වෙනුවට අපිත් එක්ක සන්ධාන ගතවී, සමුපාකාර විදිහට හිතේ හැටියට ගොවිපොළේ ඇති සියලු දේ භුක්ති විදින්නට පුළුවනි.

ඉතින් වුර්කයන්ගේ තෙරක් නැතුව කරන ඉච්චා බස් වලට රැවටුන බල්ලෝ, සත්ව ගොවිපොළට දමාතිබු රැකවල් ඉවත් කර, වුර්කයන්ට ගොවිපොළ ඇතුලට එන්නට ඉඩහැරියා. මොහොතක් වත් පමානොවුන වුර්ක රැල, කිසිම අනුකම්පාවක් නොදක්වා බල්ලන්ව කීතු කීතු වලට ඉරා හපකරා. ගොන් බල්ලෝ උන්ගේම ගොවිපල තුල සහාසික මරණයකට ගොදුරුවුනා. වුර්කයින් සත්ව ගොවිපොළ අරක්ගෙන හිතු හැටියට සප්පායම් වුනා.

“එක්ව කන්න හිතාගෙන ජනතාවගේ අයිතීන් නපුරන්ට පාවා දෙන්නවුනට අත්වන ඉරණම බල්ලන් මිනිසුන් කියා භේදයක් නැත”

February 8th, 2015 by Vidura Vidura
Comments

2 responses to ““වුර්කයන් සමග එකඟතාවයකට යාම නිසා තම වරිගය නසාගත් බල්ලෝ””

  1. එක්ව කන්න හිතාගෙන ජනතාවගේ අයිතීන් නපුරන්ට පාවා දෙන්නවුනට අත්වන ඉරණම බල්ලන් මිනිසුන් කියා භේදයක් නැත”

  2. Nelum Pushpasiri says:

    It is really similar for every parties in our Srilankan society.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…