විශ්ව විද්‍යාල අදුරනි-දැන් නුඹලා කතා කළ යුතුයි….!

rajarata-paripalanaye-02webරජරට විශ්ව විද්‍යාලයේ පාලකයන් සිසුන් දඩයම් කරද්දී සිසුන් සමග ඊනියා සාම සාකච්චා පැවැත්වූ ආචාර්ය සංගමයේ උගතුන් මුනිවත රැකීම තරම් අමන මුග්ධ ක්‍රියාවක් තවත් නැතැයි දේශපාලන විචාරකයන් පවසයි.මේ වන විට රජරට විශ්ව විද්‍යාලයේ සිසුන් 3ක් අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සිසුන් 20කට වඩා වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටී.එපමණක් නොව ආචාර්ය සංගමයේ මැදිහත් වීමෙන් සිසුන් හා උපකුලපතිවරයා අතර ඇතිවූ එකගතා අහෝසි කළ බව නිවේදනය කර ශිෂ්‍ය සංවිධානද තහනම් කර ඇත.රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් දින 200ක් තිස්සේ සිසුන් 27 දෙනෙකුට එරෙහිව පනවා ඇති පන්ති තහනම ඉවත් කරන්නයි සාමකාමී ලෙස අරගල කරද්දී නිහඩව සිටි මෙම උගත් ඇදුරන් අනුන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අරගල කළ සිසුන් දන්ගෙඩියට යවනවා බලා සිටී මෙම උගත් ඇදුරන් ප්‍රශ්නය විසදා ගැනීමට ඉඩක් නොමැතිකම නිසාම කිසියම් ආකාරයකට සාමාන්‍ය තත්වය ඉක්මවා ගිය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වූ සිසුන් ඉදිරි පිට පැලදගත් මධ්‍යස්ත වෙස්මූණු ගැලවී යද්දීත් තම ගෞරවය බිද වැටෙද්දීත් ආරක්ෂාව පිලිබඳව ව්‍යාජ සටන් පාඨයකට මුවා වී නිහඩව සිටින්නේ සැබවින්ම තම පඩිපතිවාදීකම රැක ගැනීමටද?එසේ නොමැති නම් තම මැදිහත්වීම විශ්වාස කිරීම හේතුවෙන් සිසුන් යළිත් දන්ගෙඩිය වෙත ගෙන යද්දී මෙසේ නිහඬව බලා සිටින්නේ තම උසස්වීම් පිළිබඳව ඇති ගිජුකම නිසාද?

තමන් මැදිහත් වී ප්‍රශ්නය විසදා ගැනීම සඳහා උපකුලපතිවරයා හා සිසුන් අතර ඇති කරගත් එකගතාවය පාලක සභාව විසින් අමු අමුවේ කඩා බිද දමා සිසුන් දඩයම් කරද්දී රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය දීන,නියාලු ලෙස මුනිවත රකින්නේ මෙයින් තමන්ගේ පඩි පතට සිදුවන වාසියක් නොමැති නිසාද?විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය(FUTA) හි නිර්මාල් රන්ජිත්,චන්ද්‍රගුප්ත වීරවර්ධන වැනි වමේ පතාක යෝධයින් නිහඩව සිටින්නේ රජරට ඇදුරන් රැකීමේ ගෝත්‍ර උවමනාව නිසාද?

විශ්ව විද්‍යාල ආචාර්යවරුනි දැන් නුඹලා හඬ අවදි කළ යුත්තේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් නොවේ,සිසු දඩයම වැළැක්වීම සඳහාද නොවේ,නුබලගේම හෘදසාක්ෂිය වෙනුවෙනි.මේ රටේ දුප්පත් දෙමව්පියන් විසින් උගතුන් ලෙස මුදුනෙහි තබා ඇති නුඹලා පිලිබඳ ඇති විශ්වාසය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි මේ මොහොතේ නුඹලා ඉදිරිපිට ඇති අභියෝගය එයයි.

July 5th, 2014 by Sugath
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…