විශ්ව ජනකතා – “රජකමට පත්වුන වඳුරා සහ නරියා”

පුරුද්දක් ලෙස නිතර සත්‍යය සේ ඒත්තු ගැන්වෙන බොරුකීම නිසාම වනසතුන් අතර ජනප්‍රිය වුන වඳුරෙක් සිටියා. දිනක් පාන්දර යාමයක, කලින් දා රාත්‍රියේ පදම නොදැන සුරා පානය කිරීමෙන් සිහි විකල් වී සිටි වඳුරා, සියලුම සතුන් ගෙන්වා උන් ඉදිරියේ අමුතුම පන්නයේ වඳුරු නැටුමක් නැටුවා. මේ අමුතු වඳුරු නැටුම දැකීමෙන් මහත් අමන්දානන්දයට පත් වනසතුන් විසින්, කවදත් තමාත් තමන් අවටත් දිගහැරෙන සකල දේ නිරීක්ෂණය කරමින් පාඩම් පමණක් ඉගෙන ගන්නා නරිහාමි පවා මවිතයට පත් කරමින්, මේ බොරුකාර වඳුරු නැට්ටුවා වනයේ සියලු සතුන්ගේ රජු ලෙස ඒකමතිකවම පත්කර ගත්තා.

අනෙක් සතුන්ට කෙසේ වෙතත්, මේ සියලු සතුන්ගේ තෝරාගැනීම, ඕනෑම විටක වෙන වනයකින් එන පරයෙකුට හෝ අවශ්‍ය විදිහට නැටවිය හැකි වඳුරා වීම ගැන, නරියාට ඇති වුනේ ඊර්සියාවට වැඩ තරහක්. කොයිතරම් කපටියා වුනත්, නරියාට තම වනවාසී මිත්‍රයන් ගැන අනුකම්පාවක් තිබුනේ නැත්තේමත්  නැහැ. ඉතින් නරිහාමි මේ වඳුරු නැට්ටුවාගෙන්, අමන සතුන්ව ගලවා ගන්නා විදිහක් ගැන යාන්ත්‍රණයක් අමුණන්න පටන්ගත්තා.
 
මේ අතර වාරයේ දිනක, කොටියෙකු කා ඉතිරිකර දමා ගිය කුණුවූ මස් කැබැල්ලක් සොයාගත් නරියා එය මැදිකර මලපතක් අටවා (උගුලක්) තබා, වඳුරු රජා සොයාගොස්  “රජතුමනි, මට ඉතා වටිනා නිධානයක් සම්බහවුනා, නමුත් එය රජෙකුට පමණක් සුදුසු යැයි මට සිතුන හෙයින් මා එය හොඳින් රක්ෂා කර ඔබ සොයා පැමිණියා. එම නිසා වහා ඇවිත් රාජ අභිප්‍රාය අනුව කැමැත්තක් කරන ලෙස” ඉල්ලා සිටියා. බොහෝ සේ සතුටුවුණා වඳුරු මොටා, නරියා සමග හනික ගොස්, හරි හැටි කරුණු කාරණා නිරීක්ෂණය නොකොට, අපරීක්ෂාකාරීව උගුලට පැන මලපතේ හිරවුනා. මරණ භයින් වෙව්ලා ගිය වඳුරා, නරියාගේ කපටි කම් ගැනත්, කළගුණ නොදන්නාකම ගැනත් මරණ වේදනාවෙන් බෙරිහන් දෙමින් අවලාද නැගුවා. රජුන් ලෙස තෝරාගත යුත්තේ ප්‍රක්ඥාවන්තයින් මිස, තමන්ගේත් රටවැසියන්ගේත් ජීවිත අනතුරේ හෙලන අමනයන් නොවන බව කියමින් වඳුරු රජාට මැරෙන්න හැර නරියා වනයේ ඇතට ඇවිද ගියා.
 
 
“තමන්ගේ අඩුපාඩු වත් හරිහැටි දැන, තමන්ව පාලනය කර ගන්නවත් නොදන්නා අය රජවුවිට, අසාර්ථක වීම මෙන්ම සැමගේ සිනහවට පාත්‍ර වීමද නියතයකි”
September 1st, 2012 by Hema Hema
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…