වර්ගවාදය නොමැති සුන්දර සමාජයක් ……

sun rise 1අද සිකුරාදා මුස්ලිම් ජනතාව ආගමික වතාවත් සඳහා ඉස්ලාම් දේවස්ථානය වෙත රොක් වන දිනයකි.අද ඔවුන් හර්තාල් පවත්වමින් උද්ගෝෂණය කිරීමට සුදානම් වන බවත් එසේ වුවහොත් එයින් පසුව සිදුවන ගැටුම් පිළිබඳව මුස්ලිම් නායකයන් වගකිව යුතු බවත් ජාතික හෙළ උරුමය නිවේදනය කර ඇත. මෙම නිවේදනය පිටුපස බරපතල අනතුරු ඇඟවීමක් මෙන්ම සිංහල ජාතිවාදී සුනඛයන්ට සපා කෑමට සන් කිරීමක් ද දැකිය හැකිය. එපමණක් නොව එය මුස්ලිම් සමාජය තුළ සිටින අතළොස්සක් සුනඛයින් උසිගැන්වීමක් ද වන්නේය. මෙවැනි උසිගැන්වීම් දිගින් දිගටම සිංහල ජාතිවාදීන් විසින් කරන ලදී. 15 වන දා අලුත්ගම දී ඥානසාර නැමැති සිවුරුධාරියා “ඔව් අපි ආගමවාදියෝ තමයි. ජාතිවාදියෝ තමයි. අපි දෙවැනි වටය පටන් ගත්තොත් බේරුවල කඩත් ඉවර වෙයි.” යැයි ප්‍රකාශ කළේය. මෙය බෞද්ධ ආගමික අර්ථයෙන් ගත්ත ද මෙම ප්‍රකාශයම වුව ද පවුකාර ප්‍රකාශයකි.

මේ සිංහල ජාතිවාදී සුනඛයන්ට බියේ අලුත්ගම පාසල්වලට ගාල් වි සිටින මුස්ලිම් ජනතාව උද්ගෝෂණයක යෙදිනි. ඒ කළේ සිංහලයට එරෙහි උද්ගෝෂණයක් නොව තම ආරක්ෂාව සහතික කරනු යනුවෙන් කරන උද්ගොෂණයකි. ආරක්ෂාව තහවුරු කළ යුත්තේ ආණ්ඩුවයි. එම උද්ගොෂණයට ඔවුන්ට අයිතියක් ඇත. පොලිසිය බලා සිටිය දී තමන්ගේ නිවස මැරයන් විසින් කඩා දැම්මා යැයි බේරුවල අල්හුම්සේරා විද්‍යාලයේ රැඳී සිටින සිත්ති පර්යානා මහත්මිය ප්‍රකාශ කරයි. ඉතින් ඇයට ආරක්ෂාව සහතික කරන ලෙස ආණ්ඩුවට බල කොට පාරට බැසීමට අයිතිය ඇත. එයට හෙළ උරුමය උරණ විය යුතු නැත.උරණ වි බුරමින් සපා කෑම ජාතිවාදී සුනඛයින්ගේ කාර්යයක්ය.වටරැක විජිත හිමියන් පැහැරගෙන ගොස් සුන්නත් හිංසාව කර පාලමක් අසල දමා ගොස් ඇත්තේ ද එම සුනඛයින්මය. එහි ඇත්තේ ජාතිවාදයට, ආගම්වදයට එරෙහි වන සියල්ලන්ටම කරන තර්ජනයයි.

එමෙන්ම සිකුරාදා දිනය සිංහලයන්ට එරෙහිව උද්ඝෝෂණය කරන්නට යොදා ගන්නේ නම් එයද ජාතිවාදී සුනඛ ක්‍රියාවකි. සිකුරාදා වුව ද පාරට බැස “මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරනු!” යනුවෙන් හඬ නගන්නට ඔවුන්ට අයිතිය ඇත. වැදගත් වන්නේ මෙම උද්ඝෝෂනයන්ගේ සටන් පාඨය හා ඉලක්කය කුමක්ද යන්නයි.

ඉස්ලාම් යනු මුලධර්මවාදයකි. එහෙත් එහි එල්බ සිටීමට කැමැත්තක් ඇත්තෙකුට එහි එල්බ සිටීමේ අයිතිය තිබේ. මිදෙන්නන්ට මිදීමේ නිදහස තිබිය යුතුය. එක් මුලධර්මවාදයක් පරාජය කිරීමට තවත් මුලධර්මවාදයක් යොදා ගැනීම ගෝත්‍රික ක්‍රියාවකි. ඒ අර්ථයෙන් ගත් කල ගලගොඩඅත්තේලා යනු ගෝත්‍රිකයන් ද වේ. එක් මෝඩකමක් වැසීමට තව මෝඩකමක් කිරීමෙන් පළමු මෝඩකම වැසී යනවා වෙනුවට සිදුවන්නේ මෝඩකම් දෙකක් ගොඩගැසීම පමණකි.

එබැවින් ලංකාවේ මිනිසුන් තදින් සිහි තබා ගත යුතු සහ ක්‍රියාවට නැංවිය යුතු දෙයක් ඇත. එනම් මෙම ජාතිවාදී සුනඛයින් බැඳ දැමීමයි.(මේ කතා කරන්නේ බල්ලන්ට පොල්ලෙන් ගැසීමේ න්‍යාය පිළිබඳව නොවේ.) නමුත් එය ප්‍රශ්නයට සැබෑ විසඳුම නම් නොවේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තව දින කිහිපයකින් තත්වය පාලනය කළ බව ප්‍රකාශ කරනු ඇත. ඔබට පෙනෙනුයේ ගිනි දැල් නිවුනු අයුරු පමණි. නමුත් ගිනි ඇවිලවිය හැකි ගිනි අඟුරු හැමතැනම ඇත. ඉතින් අඟුරු ද නිවිය යුතුය. ඉන් අවසන්ද? නැත.මන්ද යත් අළු යට සංවා ගත් ගිනි පුලිඟු ද ඇත. සුළඟකින් පසු යලි මතු වි ගිනි අවුලුවයි. ඒ ගිනි ද නිවීම සඳහා මිනිසුන් කළ යුත්තේ “අපි කවුරුද?” යන්න සෙවීමයි.එසේ සොයන විට සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස බෙදී සිටිමින් අපි අයිතිකරුවෝ යැයි මරාගෙන මැරෙන්නන් යනු මිහිතලයේ උරුමකරුවන් වන ලක්ෂ සංඛ්‍යාත සත්ව වර්ගයන් අතරින් එක් වර්ගයක කුඩාම සාමාජික කොටසක් පමණක් බව වැටහෙනු ඇත.

අයිතිකරුවන් වන්නට අර අදින විට බිඳ දන්මන්නේ දමිළයන්,සිංහලයන්,මුසල්මානුවන්ගේ අයිතිය පමණක් නොව රතු ඉන්දියානු නායක සියැටල් කී ලෙස පෙර කී ලක්ෂ සංඛ්‍යාත හිමිකරුවන්ගේ ද අයිතියි. වත්මන් සමාජයේ පදනම වන “ලාභය” සොයන විට තමන් ඉදිරියට පැමිණෙන ගැටළු ජය ගැනීම සඳහා ජාතිවාදය,ආගම්වාදය යොදා ගැනීම නූතන ධනවාදයේ ස්වභාවය වි ඇත. ඉතින් විනාශයම ලඟා වේ. කළ යුත්තේ ධනවාදය විසින් යටපත් කොට ඇති සොභාදහමේ “ඇති තතු” මතු කිරීමයි. එය මතු කිරීමට ඇති බාධාව නම් ඇති තතු වසා පැතිරී සිටින ධනපති සමාජ දෘෂ්ටිය නමැති කඩතුරවයි. ඔබ එය ඉරා දමන විට ඔබට මුණ ගැසෙන්නේ ලාභ බලාපොරොත්තු නොවන,එකෙක් අනෙකාට ගරු කරන,(මිනිසුන් සුන්නත් ද නොකරන, “පිලිගනින් යැයි” මහා ජාතියේ බලය නොපෙන්වන) අනෙකා තමාගේ සමානයා ලෙස සිතන සුන්දර සමාජයකි.

නමුත් එම සුන්දර සමාජය ගැන ලියන විට මෙම වියමනේ අසුන්දර වචන ඇති බව ඔබට පෙනෙනු ඇත. වත්මනෙහි ඇති තතු අසුන්දර වන විට එම අසුන්දර ඇති තතු සුන්දර වචනවලින් පමණක් ලිය පලක් නැත.

ඔබට ජය වේවා!

June 20th, 2014 by Sugath
Comments

One response to “වර්ගවාදය නොමැති සුන්දර සමාජයක් ……”

  1. dr vajra sudusinghe senanayake says:

    අහිංසකව දානයකට වඩිමින් සිටි හාමුදුරැ නමකට පොසොන් පෝය දවසේම වට කරගෙන ගහපු එක වැරදී කියා එකම එක මුස්ළිම් වරයෙක් වත් පුසිද්ධයේ කීවානම් මේ කිසිම ගැටුමක් වෙන්නේද නැත. කන්නට බෑ බෑ කියු හලාල් කෑම ගැන පියරක් ගත්තානම් සිංහලයා මෙසේ කැළඹෙන්නේද නැත. මම කිසිම පැත්තක් නොගෙන සමබරව සිටින්නෙක්මි ඔබ කියා ඇති කරැණු අතරට මෙකී දේද එක්විය යුතුයැයි හැගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…