රාජපක්ෂ ඉවත්කිරීමේ චන්දයේ ජනතා ජයග්රහණය…….

උතුරේ කොටි සංවිධානය පරාජයකොට සිංහල බහුතරය අතර දුටු ගැමුණු වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති, අද තමන්ගේ නිවසේ ආලින්දයේ අධිපති පමණක් බවට පත්ව තිබේ. රුපවාහිනියේ බැද්දේ සෙනෙහස, නොමියෙන මිනිසුන් සමග රිදී තිරයේ බැබලුනු මහින්ද රාජපක්ෂ අද සියල්ලෙන්ම ඈත්කොට තිබේ. එසේ නම් හෙට දිනයේ මහින්ද, අද දවසේ අපට කියාදුන් පණිවිඩය කුමක්ද ..?

ඉන්දියන් සාගරයේ මුතුඇටය ඉන්දියාවෙන් මුදා ගැනීමට එදා ඉන්දියාවට එරෙහිව දකුණේ සටන් කාමියෙක් ලෙස තම අදහස් දැක්වූ මහින්ද, ඉන්පසු ජනපති වී කොටි ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකාව බේරා ගත් මහින්ද, තමන් සහ තම පවුල යන ආත්මාර්ථකාමී සිතුවිලි වලින් තම පවුල වෙනුවෙන්ම යුතුකම් ඉටු කල මහින්ද අද නිකන් ම නිකන් මහින්ද, හෝ හිටපු ජනාධිපති මහින්ද ලෙස හෝ සමහර විට යුද්ධ අපරාධ කොමිසම යටතේ දඬුවම් ලැබූ එකම ශ්‍රී ලාංකික ජනාධිපතිද වෙනු ඇත.

මහින්දගේ පරාජය, එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය නොවෙන බව එක්සත් ජාතික පක්ෂය සිහි තබා ගත යුතුය. මහින්දගේ පවුලේ උදවිය කල කීදෙයින් මහින්ද ගැන පවා තිබු ජනතා කැමැත්ත කෙමෙන් කෙමෙන් ගිලිහී ගිය බව ඔහු නොදන්නවා විය නොහැක. බණ්ඩාරනායක පවුල සහමුලින්ම දේශපාලනයෙන් නොපෙනීයාමට මහින්ද ට තිබු ජනතා කැමැත්ත හේතුවුවා සේම, අද දවසේ මහින්දට තිබු අකමැත්ත හේතුවෙන් විරුද්ධ පක්ෂය ජයග්‍රහණය ලැබුවා මිස එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වත්, චම්පික ලා වෙනුවෙන්වත්, අනුර කුමාර වෙනුවෙන් වත් ජනතාව මයිත්රීට චන්දය දුන්නේ නැති බව නව රජය හොඳින් තේරුම් ගත යුතුය. මහින්ද ඉවත්කිරීමේ චන්දයෙන් ජනතාව ජය ලැබුවා නොවේද? එහෙයින් මෙම චන්දයෙන් නිසැකවම ජනතාව ජයග්‍රහණය කර තිබේන බව සියලුම දේශපාලකයින් වටහා ගත යුතුවේ.

කිසිදා සිදු නොවූ ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව තම කැමැත්ත ප්‍රකාශ කල අතර, එහි මිනුම් දණ්ඩ නිසි ආකාරයෙන් භාවිතා කල හෙයින් මෙම ප්‍රතිඵලය ශ්‍රී ලංකිකයිනට අත් විඳීමට ලැබූ බව සියලුම දේශපාලන පක්ෂ සිහියේ තබා ගත යුතුය.

January 21st, 2015 by Vidura Vidura
Comments

3 responses to “රාජපක්ෂ ඉවත්කිරීමේ චන්දයේ ජනතා ජයග්රහණය…….”

  1. Dr. Sunil Fernando says:

    Any how people will realise after couple of months. Yesterday, I read in the e-paper one stupid Thewerperuma punish to a another politician in ugly way. Ravi & Mangala tell to Media that Late President try over come after he observed that he lost from the presidency election. Nation like to live in a peace full country. UNP polticians have to stop predicting unproveble things to NATION.

  2. maheshika says:

    Will K.P Mangala lose his position if MR prove his innocence in charges filed against him in CID.

    If so, I will celebrte

  3. Roy says:

    Worse people are in this Government are Mangala, Ravi & Minister of Health. Up to date they predicted & loged many reports against former president. I wish to ask, Are you manage to prove any thing against him. NO. Will you plese STOP your dirty nonsense. I am a one of the senior engineer among 21 engineers CAME OUT from MAHAVELLI PROJECT during 1978, Because of Gamini Dissanayake

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…