රජයට රුපියල් ට්රිලියන 65.5ක් නැතිවේ.

2222මැතිවරණ සමයේ දුන් පොරොන්දුවක් වූ ඉන්ධන බද්ධ පහත දැමීමට නව ශ්‍රී ලංකා රජය ගන්න ලද තීරණය හේතුවෙන් රජයට ලැබිය යුතු ආදායම රුපියල් බිලියන 65.5කින් පහත බස ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

නව ජනපති චන්දයට පෙර දුන් පොරොන්දුවක් මත ඉන්ධන මිල සියයට 22කින් පහත හෙලීමට රජය ක්‍රියාත්මක වුයේ ඊයේ 22 වැනිදාය. මෙමගින් පාරිභෝගික භාණ්ඩ මිල විශාල ප්‍රමාණයකින් පහත වැටේයැයි ජනතාව බලා පොරොත්තුවේ.

සියලුම වංචා නවතා ජීවන බරින් සාමාන්‍ය ජනතාව මුදා ගැනීමට මයිත්රීපාල සිරිසේන නව ජනාධිපතිවරයා පොරොන්දු වුයේය.

ඉන්ධන සහ බල ශක්ති ඇමති චම්පික රණවක ගේ ප්‍රකාශයකට අනුව පසුගිය රජය විසින් ඉදිරිපත් කරනු ලැබූ අයවැය වාර්තාවේ සඳහන් කල සේම රට වෙනුවෙන් වියදම් කිරීමට සැලසුම් කල රුපියල් ට්‍රිලියන 1.654ක මුදල එලෙසම පවතිනු ඇතැයි ප්‍රකාශ කරන ලදී.

මේ පිලිබඳ අදහස් දක්වන ආර්ථික විශේසඥයින්, නව රජය විසින් ජනප්‍රිය පොරොන්දු දීමට ප්‍රථම රජයේ ආර්ථික තත්වය පිලිබඳ විශ්ලේෂණය කරනු ලැබුයේ නම් තත්වය මෙයට වඩා හොඳවනු ඇති බව ප්‍රකාශ කරයි.

January 23rd, 2015 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…