“යහ පාලනය”

මෙවර දිවැස වැකිය ලංකාවේ සෙවිය යුතු යහ පාලනය, ප්‍රජාතන්තර වාදය, ප්‍රජා අයිතිය සහ මානව අයිතීන් සමග බැඳේ. ඒ මක්නිසාදයත් ප්‍රජාතන්තර වාදය නැති රටක යහ පාලනය, ප්‍රජා අයිතිය සහ මානව අයිතීන් ගැන විශ්වාසය තබාගැනීම විහිළුවක් වන නිසාය. ධර්මිෂ්ට සමාජයක් ගැන මුද්දර නිකුත් කල ජූනියස් රිචර්ඩ් ජයවර්ධන ජනාධිපති උතුමා ලාංකික ඉතිහාසයේ පළමු වරට කලින් සිටි අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කළේය.

ජේ ආර් තමාගේම ධර්මිෂ්ට සමාජයක් “A Just Society” යන්න ධනවාදයේ නව ලිබරල් අදියරට අවශ්‍ය විවුර්ත ආර්ථිකයේ හැඩරුව  ගැනීම සදහා Adjust Society” බවට පරිවර්තනය කලේය. ඒවායේ ආනිසංස වෙනිසුලාවේ උගෝ චාවේෂ් ආවත් නිවාරණය කල නොහැක. මේ වන විට සන්ඩේ ලීඩර් පුවත් පතේ ෆෙඩ්රිකා ජෑන්ස් රාජ පාක්ෂිකයන්ට අවනත නොවීම නිසා ඉවත් කර ඇත. ෆෙඩ්රිකා ජෑන්ස්, තමා ගැන පල කල පුවතක් ගැන උරණවීම නිසා ඇහට පරුෂ වචනයෙන් බැනවැදී මරණීය තර්ජන එල්ලකල ආරක්ෂක ලේකම් තුමා ඒබව ප්‍රසිද්ධියේ පිළිගෙන තිබියදීත්, පසුගියදා මාධ්‍ය එකතුවේ ප්‍රධානීන් ඉදිරියේ දී, ආරක්ෂක ලේකම් ගැන එම පුවත පලකිරීම සම්බන්දවත්, තමාට කල තර්ජනය සම්බන්ධයෙන් කල පැමිණිල්ල ගැනත් ෆෙඩ්රිකා ජෑන්ස් විසින් සමාව ඉල්ලා තිබුණි.

අපේ රටේ වර්තමාන රජයේ යහ පාලනයේ තරම විකී ලීක් මගින් නිරාවරණය කරන ලද, හිටපු ලංකාවේ ඇමෙරිකානු තානාපති කෙනෙකු, ලංකාවේ අභ්‍යන්තර කටයුතු ගැන ඇමෙරිකානු රජයට යැවු කේබල් පණිවුඩයක් පේලි අතර කියවීමෙන් තේරුම් ගත හැක. එයට ඉංගිරීසියෙන් කියන්නේ ” Playing good Cop and bad Cop” කියාය. ඒ කියන්නේ ආරක්ෂක ලේකම්ට රටේ ඕනෑම කෙනෙකුට පරුෂ වචනයෙන් බැනවැදී මරණීය තර්ජන එල්ලකල හැක, නමුත් සහෝදර ජනාධිපතිතුමා පසුදින දුරකතනයෙන් කතාකර ඒ අයව  සනසා කිසි අවුලක් නොවූ ලෙස, ප්‍රශ්නය කුනු බක්කියට දැමීමයි.

බත් පිනට දුන් රටක, පියා, මව සහ දියණිය රාජ්‍ය නායකයින්ද පුත්‍රයා කතා නායකයාද වුන රටක, නොහැකිවන එකම දෙය වන්නේ යහපත් දිසාවට වෙනස්වීමය.

October 31st, 2012 by Vidura Vidura
Comments

One response to ““යහ පාලනය””

  1. Roy says:

    Do not think JR or Premadasa did the YAHAPALNAYA in Sri Lanka. JR is a cunning fox. Premadasa is a cunning fox as well as person cruel than Idi Amin & Hitler. Now our new president waiting in the pear to gating to the same boat. That is why he is doing every thing to INSULT former president what are Mangala, Ravi & Rajitha predicting. If he is doing YAHAPALNAYA, He can stop every things same as insulting with out supporting them.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…