නායකත්වය දීම හා නායකයෙකුවීමට ඉගෙනගැනීම

මීට සති දෙකකට කලින් අප ලියු දිවැස වැකියක අප සදහන් කලේ ලංකාවේ නිදහසින් පසු රටේ නායකත්වය බාරගත් සියලු අගමැතිවරුන් හා ජනාධිපතිවරුන් අතරින් ඔවුන් ජාතිය අමතා කල මුල් කතාවල හරය හා වැදගත්කම ගත්කල 2015 ජනවාරි මස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කල කතාව ඉදිරියෙන්ම තැබිය හැකි බවයි. එකවිටම අපට කරුණු දෙකක් සිහිපත්වේ. එක, මෑතකදී කල සම්මුක සාකච්චාවකදී හිටපු ජනාධිපතිනියක වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කලේ තමා දැනට වසර කිහිපයකට පෙර සිටම මෛත්‍රීපාල සිරිසේන මහතාට, ඔහුගේ අවංක කමත්, නිර්වයාජ කමත් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයත් අදුරාගෙන නායකයෙකු ලෙස ගොඩනැගෙන ලෙස ඔහුගෙන් ඉල්ලාසිටි බවයි. අනෙක ටිකකලකට පෙර ඉතාලියේදී දලයි ලාමා සදහන් කල “ඔබේ සිතුවිලි වචන ලෙස පිටවේ, එම වචන බොහෝවිට ක්‍රියාවට නැගේ. එම ක්‍රියාවන් විශ්වය තුලින් පරාවර්තනය වේ. එම නිසා ඔබේ සිතිවිලි පිරිසිඳු කරගන්න” යන්නයි.

ඉතිහාසය කිසිවිටෙකවත් අපට විසදිය නොහැකි දේශපාලන ගැටළු අප ඉදිරියේ තබන්නේ නැත. අවශ්‍යතාවත් , දැක්මත් දේශපාලන පිටකොන්ද කෙලින් තබාගත හැකි දිරියත්, හොඳ නායකයෙකුට ඇත්තේ නම් විසිදිය නොහැකි ගැටලුවක් නැත. කෙනෙකු යම්කිසි දේශපාලන හේතුවක් සදහා නායකයෙකු ලෙස ඉදිරියට තල්ලුවී ඇත්නම්, එමෙන්ම ඔහු තවමත් ඇතුලතින් නායකයෙකු නොවේනම්, සිදුවිය යුත්තේ මුලින් තමා ඇතුලතින් තම ශක්තීන්ද දුර්වලකම්ද අදුනාගෙන තමාවම ගොඩනැගීමයි. ඉන්පසු තමා අවට ඇති අයගේ නායකත්වයට ඇති සුදුසුකම් හදුනාගෙන ඔවුන් ඉදිරි නායකත්වය සදහා ගොඩනැගීමයි. ඔබ යමෙකුට නායකත්වය දෙන්නේ නම් ඒ සදහා ඉගෙනගත යුතුය, ඔබගෙන් නායකත්වය ලබන අය, ඔබව තවදුරටත් නායකයෙකු ලෙස සැලකීම බලාපොරත්තු වන්නේ නම් ඔබ නොනැවතී ඉගෙනගත යුතුය.

“නායකත්වය දීම හා නායකත්වය පවත්වා ගැනීම සදහා ඉගෙනීම එකිනෙකින් වෙන්කල නොහැකි එකිනෙකට අවශ්‍යම කොන්දේසි දෙකකි” – ජෝන් එෆ් කෙනඩි

February 8th, 2015 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…