දිවැස වැකිය

ඉපැරිනි වේදාන්ත ලිපිවල මනුෂ්‍ය ජීවන සුබසාධනයට ඉමහත් පිටුවහලක් වෙන යෙදුම් දෙකක් ගැන සදහන් වේ. ඒ “ශ්‍රියා” සහ “ප්‍රියා” නමැති වචන ද්වයයි. “ශ්‍රියා” යනු ඔබට වඩා හොඳ දෙයයි. “ප්‍රියා” යනු ඔබ තෝරාගැනීමට වඩා කැමති දෙයයි. ප්ර්තග්ජන මනුෂ්‍යයන් වන අප බොහෝවිට තෝරා ගන්නේ අපට හොඳ දේට වඩා අප වඩා කැමති දේයි.

ලංකාවේ පහුගිය දිනවල බොහෝ නපුරන්ගේ බලාපරොත්තු සුන්කරමින් අප රටේ මෙතෙක් පැවැත්වුන ජනාධිපති මැතිවරණ තරග වලින්, සාපේක්ෂව වඩාත් සාමකාමී ලෙස සැලකිය හැකි, 2015 ජනවාරි 8 වෙනි දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස තෝරාපත් කරගැනීමෙන් අවසන් වුන ජනාධිපති මැතිවරණය නම්කළ හැක. ඊනියා නිදහසින් පසු ලංකාවේ රාජ්‍ය නායකයෙකු දිවුරුම් දීමෙන් අනතුරුව මෙතෙක් ජනතාව අමතා කල හොඳම කතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා කල කතාවයි. කතාව කොයිතරම් හොඳ වුනත්, එය ක්‍රියාවෙන්ද කර පෙන්විය යුතුය. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිතව, සුරක්ෂිතව පවත්වාගෙන යන්නේ නම් මැතිවරණයකින් ඔවුන් තෝරා පත් කර ගන්නේ එම රටට උචිතම ආණ්ඩුවයි. එම තීරණය අපට හොඳ දේට වඩා අප වඩා කැමති දේ විය හැක. එසේ නම් එම තෝරා ගැනීමේ අතුරු පලද අපිම විඳදරා ගත යුතු වෙමු.

අපි අපෙන්ම යලි යලිත් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ අප වඩා කැමති දේ අපට හොඳ දේ සමග “ප්‍රජාතන්ත්‍රවාදය” ලබා දේද යන්නයි. හොරු, වන්චාකාරයින්, ඉස්ත්‍රී දුෂිතයින්, ළමා අපචාරයේ යෙදුනවුන්, මිනීමරුවන් හා මානව අයිතීන් උලංඝනය කළවුන් නීතිය ඉදිරියේ තවමත් වැරදි කරුවන් කර යුක්තිය පසදලා නැත. තවම අභ්‍යාස වෙමින් පවතින්නේ එකට එක කිරීම මිස යුක්තිය පසදලීම නෙවේ.

එම නිසා අප කලයුත්හේ කුමක්ද? තෝරා ගැනීම නිවැරදිව, වඩ වඩාත් නිවැරදිව කලයුතුයි. නිරතුරුවම පාඩම් උගෙනගනිමින් යලි යලිත් කලයුතුය. අප කැමති දේට වඩා අපටත්, රටටත්, පරිසරයටත් හොඳ දේ තෝරා ගත යුතුය. අප කැමති වුවද අකමැති වුවද තවත් මැතිවරණයක් අත ළඟය. තෝරා ගැනීමද, තෝරාගැනීමේ විපාක විඳීමද ඔබේම තෝරාගැනීමය.

January 25th, 2015 by Vidura Vidura
Comments

One response to “දිවැස වැකිය”

  1. Roy says:

    NO VALUE IN THE SPEACH. PRACTICALLY HE HAVE TO PROVE THE SAME.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…