“තටු සිඳ දමා අසරණව ගොස් නැවත සුවපත් වුන රාජාලියා සහ නරියා”

vishwaදිනක් කුරුළු දඩයම් කරුවෙකු ඉතා සුන්දර දවසක පැහැදිලි නිල අහසේ නිදහසේ පියාසරකරමින් සිටි රජාලියෙකු දැක හී ශරයකින් විද බිම දමා ගත්තා. මේ හිත්පිත් නැති නපුරු මිනිසා මෙතරම් මහේසාක්‍ය පෙනුමක් ඇති මේ අපුරු රජාලියගේ අත් තටු සිඳ දමා ඔහුට අයිති කොටුවක කුකුලු කිකිළියන් අතරේ අතහැර දැම්මා. රාජාලියා සිහසුන අහිමිව සිරගතව වුන රජෙකු මෙන් අසරණව කුකුලු කිකිළියන් අතරේ ඉතා කනගාටුවෙන් කල්ගෙවන්නට වුනා.

මේ අතර දඩයම් කරුගේ කොටුව අසලින් යන්නට ආ වෙනත් ගැමියෙකු ඒ තුල සිටි අත් තටු සිඳ දැමු රාජාලියා දැක අනුකම්පා උපදවා, රාජාලියා අයති දඩයම් කරුවා මුණගැසී, හෙට්ටුකර පමණටත් වැඩි මුදලක් ගෙවා රාජාලියා නිදහස් කරගෙන ගෙදර ගෙන ගියා. මේ සොඳුරු මිනිසා රාජාලියාට ඇප උපස්ථාන කර, කට්ටකුමන්ජල් මිශ්‍ර සුවද බෙහෙත් තෙල්ගල්වා උගේ අත් තටු නිතිපතා පිරිමැද්දා. මෙසේ මාස කිහිපයක් ගිය තැන අලුතින් පිහාටු වැඩී සවිමත් වුන අත්තටු ඇත්තේ, ගගන සිසාරා පියාසර කරන්නට තරම් යථා තත්වයට සුවපත් වුනා. ඉතින් රාජාලියා නිදහස්කරගෙන, නැවතත් නිදහසේ පියාසර කරන්නට තරම් සුවපත්කල මේ සොඳුරු මිනිසා, රාජාලියා ඉගිලෙනු දැක සොම්නස්වූනා.

රාජාලියා මෙසේ පියා හඹා ගිය දවසක හාවෙකු දැක අසුරු සැනින් පොලවට පියඹා විත් උගේ තියුණු නියවලින් හාවා අල්ලාගෙන තමාගේ ජීවිතය බේරා සුවපත් කල මිනිසාට තෑගී කලා. මේ සියලු ජවනිකා උපේක්ෂාවෙන් බලහිදිමින් අධ්‍යනය කල නරියෙකු රාජාලියාට කතාකොට මෙසේ කීවාලු.

“අනේ යහලුවේ ඔහේ නම් කිසිසේත්ම රාජාලියෙක් වෙන්න බෑ. ඒ වුනාට ගොන්නාම්බෙක් නම් වෙන්න පුළුවන්. ඔහේට තිබුනේ ඔය හාවව ඔහේව සුවපත් කල, උපතින්ම කරුණාවන්ත මිනිහාට දෙන්න නෙවෙයි. ඔහේගේ තටු කපා වින කෙටු අර අලුගොසුවාට දෙන්නයි. එතකොට ඒකා නැවත නැවත තෑගී ගන්න බලාපොරත්තු වෙන්වත් ඒ නපුරා ඔහේගේ තටු කපා දමන එකක් නැහැ”

“සත් පුරුෂයන්ට කිසිම මසුරුකමක් නොදක්වා නන් අයුරින් සැලකිය යුතුවාක් මෙන්ම, උපතින්ම නපුරන් හදුනාගත් විටදී, පඩුරු පාක්කුඩම් දී හෝ හොඳ මිනුසුන්ගෙන් (සමාජයෙන්) වෙන්කර තැබිය යුතුය”

January 31st, 2015 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…