ග්‍රීක දේව කතා වලට අනුව “දෙවසරකට වරක් ලිංගිකත්වය වෙනස්වන හයීනා”

මෙවර විශ්ව ජනකතාව විශේෂයෙන්ම වැදගත් වන්නේ ඊසොප් වන සතුන්ගේ විෂමාචාර වලින් අපට උගත හැකි පාඩම් කියාදෙත්දී, ඊටත් වැඩ හොඳ පාඩම් අපේ ලෝකල් පොලිටික්කන් ගෙන්  ඉගෙනගත හැකි ආදර්ශ ඇස පනා පිටම ඇති නිසාය. ඒ කෙසේ වෙතත් ඇරිස්ටෝටල් පඬිවරයාට අනුව වනාන්තරයේ කසල සෝදකයා වන  හයීනා ගේ ලිංගිකත්වය අරුම පුදුම ලෙස වසර දෙකකට වරක් වෙනස්වී හයීනා හයීනී වී උන්ගේ සියලුම දෛනික ක්‍රියාදාමයන් කණපිට පෙරලීමයි. දෙවසරකට වරක් හයීනා හයීනී වීම ගැන කීමට පෙරාතුව මේ පසු කියවෙන රට පටලවන දේශපාලන කියමන්ද සැලකිල්ලට ගැනීමෙන් නියම හයීනලා කවුරුන්ද යන්න හොඳ හැටි පැහැදිලි කරගත හැක.

” එංගලන්තයේ සිටිනා එකම පිරිමියා අගමැතිනි මාර්ගරට්  තැචේර්ය” අමෙරිකා වේ හිටපු ජනාධිපති රොනල්ඩ් රීගන්.
“මට ලාංකීය ව්‍යවස්ථාවෙන් පැවරෙන බලයෙන් කල නොහැකි එකම දෙය වන්නේ, ගැහැණියකු පිරිමියෙකු කිරීමට පමණයි” ලංකාවේ හිටපු එකම ධර්මිස්ට ජනනායක ජේ ආර් ජයවර්දන.
“ජේ ආර් ජයවර්දන මහතා ගේ ව්‍යවස්ථාවෙන් ලංකාවට වුන එකම සාධනීය දේ නම්, රනිල් වික්‍රමසිංහ ගැහැණියෙකු වීමත්, අපේ අක්කා පිරිමියෙකු වීමත්ය” හිටපු ජනාධිපතිනියගේ මලයා අනුර බණ්ඩාරනායක.
දැන් අපි ඊසොප් ගෙන් ඉගෙනගනිමු. දිනක් හයීනා පිරිමිසතෙකු උන් හිටි තැන් අමතකවී, එහෙත් තමා කවූරුන්දයි හොඳහැටි දැන හයීනා ගැහැණු සතෙකුට අස්වාභාවික ඉරියව්වකින් රමණයට අර ඇන්දේය. මේ ගැන ඉතා හොඳ සිහියෙන්ද, තම වරිගයාගේ ස්වභාවයන්ද මතක් කර ගත් ප්‍රස්තුතයට කාරනා වුන හයීනා ගැහැණු සතා පසු පස හැරී තමා සමග අස්වාභාවික ඉරියව්වට ලක ලැස්ති වන හයීනාට මෙසේ කීවාලු. ” අද නුඹ මට කරන දේ තව වසර දෙකකින් මමද නුඹට කරමි”
“එකම ගනයේ විෂමාචාර ඇත්තවුන් එකිනෙකාට කරන කියන දේ අරබයා ඉතා ප්‍රවේසම් විය යුතුය”
October 28th, 2012 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…