කල හොඳ පස්සෙන් හඹා ඒම

දිනක් එක්තරා කුරිරු රළු මිනිසෙකුවූ ග්‍රීක වැසියෙකු ඉතා දිග ගමනක් යන්නට පිටත්වුනා. ඉතින් මේ නොතෙත් සිත් ඇති කුරිරු මිනිසාට, මේ දුෂ්කර ගමනේ අතරමග, හඬනගමින් ගලායන මහා සැඩපරුෂ ගංගාවක ගැඹුරු තැනක ඇති එතෙර වීමට අපහසු ඉවුරකට පැමිණීම නිසා, ගමන මදකට අත්හිටුවන්න වුනා. vishwa මේ බව දුටු ගඟ තරණය කරමින් සිටි, ගඟ අසල ඉපිද, ගඟ හොඳින් අදුනන, ගඟ අවට පරිසරයේ ජීවත්වුණ හොඳ මිනිසෙකු, ගඟ තරණය කිරීමට අපහසු නිසා උරණව පරලව වැතිර උන් මිනිසා දැක ලඟට විත් මුදු තෙපුල් මුමුණා, බදවටා අත්යවා වාරුවෙන් උසුලාගෙන, පහසුවෙන් ගඟ තරණය කර එගොඩට ගෙන පියා හැරලුවා. එගොඩට පයගැසූ සැනෙකින් අර ගුණමකු කුරිරු මිනිසා තමාගේ නිසර්ග කුරිරු කම ප්‍රදර්ශනය කරමින් තමාගේ නැති බැරි කමත්, තමාව එගොඩ කල මිනිසාට ගෙවීමට නොහැකිවීමට තරම් තමන් දුර්වල බවත් මුමුනමින්, තමාටම ශාප කරගනිමින් මහා හඬින් දොස් තියන්න පටන් ගත්තා.

මේ අතර එගොඩ කල කුරිරු මිනිසාට සිත්සේ දොස්කීමට ඉඩහළ අර කරුණාවන්ත මිනිසා, ගඟ සමග පොරබදමින් සිටි තවත් අසරණයෙකු දැක, ඔහුට පිහිටවීම සදහා ගඟ දෙසට දිව ගියා. කෙසේ හෝ අනෙක් මිනිසාවද බේරාගත් මේ උපතින්ම කරුණාවන්ත මිනිසා, ඔහුවද එගොඩට ඔසොවා ගෙනහින් ඇරලුවා. මේ සියල්ල නිරීක්ෂණය කරමින්, කරදරයට ලක්වන සියලු දෙනාටම එක හා සමානව අතදෙන මිනිසා සියලු කටයුතු නිමකර ගොඩට එනතුරු අර කලින් උදවු ලැබූ මේ කිසි වැදගැම්මකට නැති කුරිරු මිනිසා කෝපයෙන් පුපුරමින් බලාසිටියා.

හැමෝටම තරාතිරම නොබලා උදවු කිරීමට ඉදිරිපත් වන උපතින්ම කරුණාවන්ත මිනිසා අමතා අර කුරිරු මිනිසා මෙසේ කීවා. ” මේ උන්නැහේ මෙන්න මේ අහනවා, ඔහේ මේ හැම එකාටම තරාතිරම නොබලා පැනගෙන උදවු කරන්නේ එකිනෙකා ගැන ඇති නිවැරදි විනිශ්යයකින් නොවේ. ඒ ඔහේ ළඟ ඇති ඕනෑම කෙනෙකුට තරාතිරම නොබලා බලහත්කාරෙයෙන් උදවු කිරීමට ඇතිකරගත්ත මෝඩ උවමනාව නිසයි. එකෙන් ඔහෙටවත්, උදවු ලබන අයටවත් කිසිම යහපතක් නම් වෙන්නේ නෑ” කියමින් කෝපයෙන් පුපුරා පුපුරා යන්නට ගියා.

“තරා තිරම නොබලා, උදවු අවැසි සියලු දෙනාට උදවු කිරීමට ඉදිරිපත්වෙන, හොඳ මිනුසින් තුල ඇති හොඳ ගුණය සමහරු දකින්නේ අනුවණ, දුර්වල කමක් ලෙසය”

February 15th, 2015 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…