ඉන්දියාව සමග එකම සයනයේ සැතපීමට කාලයයි?

manමිලියන 20කට ආසන්න ජනග්‍රහනයක් සහිත ඉන්දියානු සාගරයේ මුතු ඇටය නමින් පිදුණු ලැබූ ශ්‍රී ලංකාවට විදේශ ප්‍රතිපත්තියක් තිබේද යන්න ප්‍රශ්නකලයුතුය. මෙයට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ පසුගිය රජය සමයේ සිදුවූ සමහර විදේශීය බලපෑම් ප්‍රතිපත්ති ගරුක ස්වභාවයෙන් නොවූ හෙයිනි.

යුරෝපීය රාජ්‍යයන් සහ උතුරු ඇමරිකාව කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවට උගන්වනු ලැබූ විදේශ ආර්ථික ප්‍රතිපත්ති රටාව මුළු ආසියාවටම ආදර්ශවත් රට ලෙස ලොවම පිළිගත්තේ 1970න පසු පැවති ගෝලීය කරණයයි. 2009න අවසන් වූ වාර්ගික යුද්ධයෙන් පසු නැවත වතාවක් මෙම තත්වය ඇතිවේ යයි ලොවම බලා සිටියදී ශ්‍රී ලංකාව මියන්මාරය ලෙසින්ම චීන බලපෑමට සහ ණය ගනු දෙනු වලට හසුවිය.

නවරජයේ විදේශ ඇමති මංගල සමරවීර, රාජපක්ෂ රජයේ ඇමති දුරයක් දරු ඔහු නවරජය සමග එකතුවී මෙම ක්‍රමය වෙනස් කල යුතු යැයි කියනුයේ, ඔහු මේ පිලිබඳ හොඳින් දන්නා හෙයින් යයි අපට උපකල්පනය කල හැක.

ඉන්දියාව සමග වහාම පැරණි මිත්‍රත්වය ගොඩනගා ගැනීමෙන් බොහෝ ගැටළු විසදෙනු ඇති ඔවුන් විශ්වාස කරනු ලබන බව අපට පෙනෙන්නට ඇත. චීනය යුධ සබ්මැරීන දෙකක් පසුගිය සැප්තැම්බරයේ සිට කොළඹ වරායේ නවතා තැබීම පිලිබඳ ඉන්දියාව තරමක් නොසන්සුන්ව ඇති හෙයින් සහ ඉන්දියාවේ සහය නොමැතිව එක්සත් ජාතීන්ගේ යුද්ධාධිකරණයට රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පෙනීසිටීම වැළකිය නොහැකි බව නව රජය විශ්වාස කරන හෙයින් ඉන්දියාව සමග එකම සයනයේ සැතපීම හැර වෙන විසදුමක් නොමැති බවක් ඔවුන්ගේ කටයුතු වලින් පෙනෙන්නට තිබේ. මේ අතර ශ්‍රී ලංකාවේ නව විදේශ ඇමති ඇමරිකාවට සහ යුරෝපයට යාමට ලහි ලහියේ සුදානම් වන බවද විදේශ අමාත්‍යාංශයෙන් දැනගැනීමට හැකිව තිබේ. මේ මිත්‍රත්ව ගොඩනංවාලීම සඳහා සැලසුම් කොට ඇති සංචාර දෙක ළඟදීම සිදුවන හෙයින් ශ්‍රී ලංකාව නැවත වතාවක් විදේශ ප්‍රතිපත්ති කෙරෙහි තම අවධානය යොමු කොට ඇති බව නම් පැහැදිලිවම පෙනෙනා කාරණයකි.

පම්පරා දෙකකින් වත් ගෙවාගැනීමට නොහැකි තරමින් ණය බරින් පීඩිතව ඇති ශ්‍රී ලංකාවට මෙම සංචාර වලදී තවතවත් ණය ආධාර ලබා නොගැනීමට අදහස් නොකරන්නේ නම් මෙම සංචාර ඉතා සාර්ථක වෙනු ඇති අප අදහස් කරමු.

January 20th, 2015 by Vidura Vidura
Comments

2 responses to “ඉන්දියාව සමග එකම සයනයේ සැතපීමට කාලයයි?”

  1. Lakshman Fernando says:

    Notthing to worry. He is homo case

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…