ඉන්දියාවේ ජයග්රහණය සහ චීනයේ පරාජය.

මයිත්‍රී ගේ ජයග්‍රහණයත් සමගම දස වසරකට ආසන්නව චීනය විසින් ගෙන ගිය කලාපීය බලය ස්ථාපිත කිරීමේ ව්‍යායාමයේ දියවීම ආරම්භ වී ඇති අතර ඉන්දියාවේ කලාපීය බලය ස්ථාපිත කිරීමේ මාර්ගය යලිත් විවුර්තව ඇති බව පෙනෙන්නට තිබේ.

රාජපක්ෂ විරෝධී සුළු පක්ෂ ඒකරාශී කොට චීනය සමග දැඩි සම්බන්තාවයක් තිබු මහින්ද පරාජය කිරීමට ඉන්දීය රහස් ඔත්තු සේවය ඉතා උසස් සේවාවක් ඉන්දියාව වෙනුවෙන් කල බව නම් නොකියාම බැරිය.

මයිත්‍රී ගේ විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මුලික ප්‍රකාශය වුයේ ඉන්දියාව සමග මිත්‍රත්වය යලි තහවුරු කිරීමයි. මේ දක්වා චීනය තම හස්තය අනෙකුත් කලාපීය රාජ්‍යයන්ට පෙවීමේ උත්සාහය ව්‍යවර්ථ කිරීමට ඉන්දියාව සමත් වුවද, කලාපයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් වූ ශ්‍රී ලංකාව බේරා ගැනීමට ඉන්දියාව අසමත් විය.

මයිත්‍රී ගේ ජයග්‍රහණය සැලසුම් කිරීමට ඉන්දියාව මැදිහත් වුයේ මෙහෙයිනි.

ඇමරිකාව වසර 40කට ආසන්න කාලයක් තිස්සේ පටන් ඉන්දියාව තම කලන මිතුරෙක් සේ සලකනු ලබන අතර කලාපීය ස්ථාවරත්වය රැකගැනීමට ඉන්දියාවට සහය ලබා දෙන බලවතා ඇමරිකාව බව ප්‍රසිද්ධ රහසකි.

පසුගියදා නරේන්ද්‍ර මුදි විසින් ජපානය සහ වියට්නාමය සමග මිත්රත්වතා වර්ධනය කර ගැනීම ඇමරිකාවට මධුවිත වුයේත් මෙහෙයිනි.

leadersලබන ඉරුදින ජනරජ දිනය සමරන ඉන්දියාවට පිවිසෙන ඔබාමාට රජ සත්කාර කිරීමට ඉන්දියාව ලහි ලහියේ සුදානම් වෙන අතර, ඔබාමාද නරේන්ද්‍ර මුදිට කලාපයේ බලවතා වෙනුවෙන් තම හර්ධයන්ගම ස්තුතිය ප්‍රකාශ කරනවා ඇත.

ඔබාමා ශ්‍රී ලංකාව ගැන කතිකාවක් නොකලද චීනයට පාක්ෂික රාජපක්ෂ, යුද්ධාධිකරණයට ගෙනඒමට ඉන්දියාව පෙළඹවීමට වග බලාගත් බව නම් සහතිකවම කිවහැක.

චීනය විසින් කොළඹ වරාය ආසන්නයේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක් වියදන් කරමින් පණිවිඩ හුවමාරු සංකීර්ණයක් ගොඩනැවීම සහ එයට ශ්‍රී ලංකා රජය හෙක්ටයාර 233ක ඉඩමක සම්පුර්ණ අයිතිය චීනයට ලබාදීම ඉන්දියාවේ ඇස් ඇරවීමට හේතු සාධක විය.

පසුගිය සැප්තැම්බරයේ චීන සබ්මැරීනයක් කොළඹ වරායේ නගුරම් දැමීමෙන් පසු ඉන්දියාවේ ඉවසීමේ සීමාව පැනගියේය. ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කැඳවා මේ පිලිබඳ විමසු විට මින් පසු මෙවැන්නක් කිරීමට මත්තෙන් ඉන්දියාවට දැන්වීමට ශ්‍රී ලංකා රජය පොරොන්දු වෙන බව සහතික කරන ලදී. එනමුත් නැවත එලෙසම ඉන්දියාවට නොදන්වා පසුගිය නොවැම්බරයේ තවත් සබ්මැරීනයක් කොළඹ වරායේ නගුරම් දැමීම ඉන්දියාව ශ්‍රී ලංකාවේ දේශපාලනයට තම අදුර්ශමාන හස්තය දැමීමට තීරණය ගැනීමට වූ මුලික සාධකය විය.

රාජපක්ෂගේ පරාජයට ඇමරිකාව සහ ඉන්දියාව කෙතරම් ප්‍රමාණයකට මැදිහත් වී ඇත්දැයි මින් අපට වටහා ගත හැකි අතර තමාගේ මායිම් නැවත සලකුණු කර ගැනීමට චීනයට සිහිපත් කර දීමට ඉන්දියාව මෙහිදී  සාර්ථක වී ඇතිබව නම් නොකියාම බැරිය.

January 23rd, 2015 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…