“අනුන්ගේ පිහාටු වලින් රජවුන පනික්කියා”

කුරුලු ලෝකයේ සියලුම කුරුලු කෙවිලියන්ට අනසක පතුරවන සේ රජකරවියයුතු කුරුලු රජෙකුගේ අවශ්‍යතාවය හඳුනාගත් සියුස් දෙවියෝ, සියලුම පක්ෂීන්ගේ හැඩරුව සංසන්දනයකට ලක්කිරීමෙන් සුදුස්සා තෝරාගැනීම සඳහා තමා හමුවට පැමිණෙන ලෙස නියෝග කර
සිටියාලු. සියුස් දෙවියාගේ අදහස වුයේ පක්ෂීන් අතරින් පියකරුම පක්ෂියා තෝරා රජකරවීමයි. නියෝගය කනවැකුණ සියලුම පක්ෂීන් වහා වහා දියකඩිති වලටද, අල දොළ වලටද ගොස් තම සිරුරු දොවා ගෙන, සිරුරු වෙව්ලුවා වේලාගෙන, මළ පිහාටු ගලවා දමා හොඳින් පේවී, සියුස් දෙවියා අභිමුකයට එන්නට ලක ලැස්ති වුනා. මේ අතර තම අවලස්සන සරීරය ගැන බොහෝ පසුතැවුන පනික්කියා, අකමැත්තෙන් වුවද, එවෙලේ කලයුතුම දේ නිසාවෙන් හැම පක්ෂියා ලගටම ගිහින් පින්සේන්දු වෙමින්, එකේ එකාගෙන් උන්ගේ හොදම පිහාටුව නයට ඉල්ලා ගත්තා. ඒ හැමෝටම නයට ගත් පිහාටුව සම්බන්දයෙන් එක එක කාරනා ගෙනහැර පෑවා මිස ඇත්ත කරණය අනාවරණය කිරීමෙන් වැලකුනා.
කරුණු කාරනා කෙසේ වෙතත්, සියුස් දෙවියා අබිමුවට ආ සියලුම පක්ෂීන් අතරින් වඩාත්ම ලස්සනටත්, මහේසාක්‍යය ලීලාවෙනුත් ප්‍රදර්ශනය වුනේ, අනුන්ගෙන් නයට ඉල්ලාගත් පිහාටු එකතු කරගෙන අලංකාර ලෙස නිමාකරගත් ඇදුමකින් සැරසුන කවුඩු පනික්කියායි. මේ අලංකාර පක්ෂියා ගැන බොහෝ ප්‍රසාදයට පත්වුණ සියුස් දෙවියා අන් හැම පක්ෂියෙකුගේම විරුද්ධතාවය මත්තේ, සියලු පක්ෂීන්ගේ අග රජු ලෙස පනික්කියා අභිෂේක කරන්නට කටයුතු කලා. මෙයින් බොහෝ සේ කුපිත වුන පක්ෂී ගණයා, තම තමන්ගේ පිහාටු පනික්කියාගේ සිරුරෙන් ගලවා ගත්තා. එතනින් නොනැවතී පනික්කියාගේ නියම වර්ණය ගැන අනෙක් සතුන්වද දැනුවත් කර, සියුස් දෙවියා ලවා රජකමෙන් පහකළා.

‘යමෙකු අනුන්ගෙන් නයට ගත් බලයෙන් කොයිතරම් ආශ්චර්ය පෑමට උත්සහා කලද, ඒවා බලාපොරොත්තු නොවුවිටක ආපසු දෙන්නට සිදුවුවහොත් වන්නේ, නයටගැනීමට පෙර සිටියාටත් වඩා බෙලහීන තැනකට ඇදවැටීමයි”
“මම මේ රටේ අයිති කරුවා නොවේ, තාවකාලික භාරකාරයා පමණකි” – දේවානම් පියතිස්ස රජු මිහිඳු මහා තෙරට.

 

October 22nd, 2012 by Vidura Vidura
Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

my3
තව මාස 39කින් ශ්‍රී ලංකාව විදේශ ණය බරින් නිදහස් ? එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරය ඇමතු මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති, නව ව්‍යවස්ථාව සිංහල ද්‍රවිඩ සහ මුස්ලිම් යන සියලුම ජාතීන් වෙනුවෙන් වෙන…
Duminda
දුමින්දට මරණ දඬුවමද? වසර 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වගකිවයුතු යැයි ප්‍රසිද්ධියට පත්වුණු දුමින්ද සිල්වා ඒ සම්බන්ධයෙන් කල නඩු විභාගයකින් අනතුරුව වැරදිකරු…
1
මොණර මන්දිරයේ නව මොණරා ? ජෝතිෂ්ය විද්යාවෙන් අතරමංවූ 21 වැනි ශතවර්ෂයේ විධායක ජනාධිපති වරයෙකු වූ මහින්ද රාජපක්ෂ තවදුරටත් එහිම එල්බව සිටීම පසුගිය නව වසර තුල ශ්රී ලංකාවේ…
ranilge
රනිල්, රට ගෙන යන්නේ මොන දිසාවටද? චන්දයකින් තේරී පත් නොවූ, පත්කළ රනිල් වික්රමසිංහ අගමැති ශ්රී ලංකාව ගෙන යන්නේ මොන දිසාවටද යන්න අද බොහෝ ශ්රී ලාංකිකයිනට උද්ගතව ඇති ප්රශ්නයි. රාජපක්ෂගේ…
4
අ.වි.ශි.බ. යේ තවත් විරෝධතාවක්. පෞද්ගලික විශ්වවිද්යාල ආරම්භ කිරීම සහ පාසල් ගාස්තු ගැනීම නීති ගත කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්යාලීය ශිෂ්ය බල මණ්ඩලය විසින් මේ මස 31 වෙනිදා මහා…
parlimant-web
19වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුමතයි. කිසිඳු සංශෝධනයකින් තොරව 19ය A නම්වූ ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තීරණය කරන ලදී. මේ අනුව මයිත්‍රී පාල සිරිසේන…